බ්ලොග්කරණය කලාවක්ද?

ලියුම්කරුට අනුව නම් කලාව යන්න අර්ථදක්වාලිය හැක්කේ කිසියම් රසවින්දනාත්මක මෙහෙවරක් ඔස්සේ රසවින්දනාත්මක කර්තව්‍යයක් ඔස්සේය. පුවත්පත් කලාවේදියෙකු, ගත්කතුවරයෙකුගේ කාර්යභාරය කුමක්ද ඒ හා සමගාමීව බ්ලොග්කරුවන්ට නියමිත සමාජීය වගකීමක් සහ රසවින්දනාත්මක කෘත්‍යයක් ආරෝපනය වේ. එය එසේ ආරෝපනය වන්නේ කෙසේද යන්න මෙම ලිපියේ සෙසු අන්තර්ගතය ඇසුරින් පහදාදීම ලියුම්කරුගේ අරමුණයි...

වැඩි දුරට..

සමාජීයජාල එකතුවට

අවැසි ලිපි සොයනු පිණිස

Dec 26, 2010

බ්ලොග්කරණය කලාවක්ද?


A guilty conscience needs to confess. A work of art is a confession.
෴ Albert Camus ෴
ලියුම්කරුට අනුව නම් කලාව යන්න අර්ථදක්වාලිය හැක්කේ කිසියම් රසවින්දනාත්මක මෙහෙවරක් ඔස්සේ රසවින්දනාත්මක කර්තව්‍යයක් ඔස්සේය. පුවත්පත් කලාවේදියෙකු, ගත්කතුවරයෙකුගේ කාර්යභාරය කුමක්ද ඒ හා සමගාමීව බ්ලොග්කරුවන්ට නියමිත සමාජීය වගකීමක් සහ රසවින්දනාත්මක කෘත්‍යයක් ආරෝපනය වේ. එය එසේ ආරෝපනය වන්නේ කෙසේද යන්න මෙම ලිපියේ සෙසු අන්තර්ගතය ඇසුරින් පහදාදීම ලියුම්කරුගේ අරමුණයි...
මාෂල් මැක්ලුහන්ගේ විශ්ව ගම්මාන සංකල්පයත් සමග අන්තර්ජාලය පෘථිවිය තුල ජනප්‍රිය වනුයේ එහි අදාල සංකල්පය බල ගැන්වීමෙහිලා තිබිය යුතු මූලික ලක්ෂණ බොහොමයකින් සමන්විත වූ නිසා බව ලියුම්කරුගේ අදහසයි. මෙහිලා සාමාජීය ජාල(social networks) සහ ඊමේල් වැඩි කාර්යභාරයක් ඉටු කල බව සඳහන් කල යුතුය. මේ ඇසුරින් විවිධ ජාතීන් ආගම් අතර සම්බන්ධතා පුළුල් වූ අතර එය පෙර තිබු සම්බන්ධතා වලට වඩා වෙනස් ස්වරූපයක් ගති. මේ හා සමග කුඩා කල අපට තැපෑලෙන් ලියුම් එවූ ඇමරිකාවේ හෝ ජපානයේ පෑනේ මිතුරා අපෙන් ඈත්වී ඔන්ලයින් මිතුරෙකු බිහිවීම සිදුවිය.
අන්තර්ජාලය තුල දවසේ පැය විසිහතරෙන් වැඩි කාලයක් ජීවත් වන e - පුරවැසියන් උදෙසා අන්තර්ජාලය තුල දිනපොතක් ලෙස තබාගැනීම අරමුණු කරගෙන නිර්මාණය වන weblog නමින් සිය දෛනික කටයුතු ලේඛනගත කිරීමේ පහසුව සඳහා සයිබර් දිනපොතක් ලෙස බ්ලොග් ආරම්භය ලෙස සනිටුහන් වේ..
මෙවන් සන්දර්භයක් තුල සිය දිනපොත් සිය පෞද්ගලික දිනපොත සියළුම දෙනාට කියවිය හැකිවන පරිදි වෙනස්කල හැකිවීමත් සමග බ්ලොග් අඩවි දිනපොත් ආකෘතියෙන් බැහැරව එයට ජර්නල් ස්වරූපයක් ආරෝපනය වන්නේ එහි ඇති ලේඛන ප්‍රසිද්ධියට පත්වීමත් සමග එහි නිර්මාණාත්මක ස්වරූපය පුද්ගලික දිනසටහනකට වඩා වැඩි වීම නිසාය. මෙවැනි සන්දර්භයක් තුල බ්ලොග් අඩවි එක්තරා එක් ආකෘතියක් ඔස්සේ දිගටම නිර්මාණය වන්නට විය. බ්ලොග් අඩවිට ප්‍රසිද්ධ කිරීම හා සමගාමීව එයටම අනන්‍ය වූ රසිකයින් පිරිසක් එනම් කියවන්නන් පිරිසක් ඇතිවීම ස්වාභාවිකය. ඉන්පසු ස්වකීය රසිකයින් පාදක කරගනිමින් ලේඛනයේ යෙදීම බ්ලොග් කැටගරි වීමට මූලික හේතුව ලෙස සඳහන් කිරීම නිවැරදිය.දැනට ප්‍රචලිත කැටගරි ලෙස පුවත්, දේශපාලනික, කලා, තාක්ෂණික දැක්විය හැක..
සිය බ්ලොග් අඩවියට රසික සමූහයක් ඇතිවීමත් සමග සිය නිර්මාණ කෙරෙහි වගකීමක් ඇති විශ්වාසනීය සටහන් යෙදීමට රචකයා බැඳී සිටියි. මෙය ග්‍රන්ථ කතුවරයෙකු හෝ පුවත්පත් කලාවේදියෙකු ඉදිරිපත් කරන ලේඛනයකට සමාන වගකීමක් ලෙස මම දකිමි.නමුත් පුවත්පත් කලාවේදියෙකුට හෝ නිර්මාණකරුවෙකුට හෝ නොලැබෙන අවස්ථාවක් මෙහිදී නිතැතින්ම බ්ලොග්කරුවාට හිමිවේ. එනම් පාඨක අදහස් ග්‍රහනය කරගැනීමේ අවස්ථාවයි. මෙහිදී අදාල පුද්ගල චරිතයෙන් හෝ නිර්නාමික අදහස් දැක්වීමටද හැකියාවක් ඇත. එනිසා විවේචන සඳහාද විවෘත තත්වයක් හිමිවී ඇත..
බ්ලොග් රචනය යනු කලාවකි. මේ සටහන හුදෙක් බ්ලොග් රචනය පිලිඹඳ ලියැවුන කෙටි ලියවිල්ලක් වන අතර මෙහි අදහස් ලියුම්කරුගේ පෞද්ගලික අදහස් වේ. බ්ලොග් අඩවියකට පුවත්පතකට හෝ ග්‍රන්ථයකට මෙන් රජයේ රෙගුලාසි වලට යටත්ව ලියාපදිංචියක් නැත. රචකයා කවුද යන්න දැනගැනීමේ හැකියාවද ඉතාමත් අල්පය. එනිසා බ්ලොග්කරණය සිදුවන්නේ විවෘත නිදහස් අදහස් ප්‍රකාශනය සිදුවන මාධ්‍යයක් ඔස්සේය. එනිසා එහි ඇති ස්වයං වගකීමද විශ්වාසයද වැඩිවිය යුතුය...