සමාජීයජාල එකතුවට

අවැසි ලිපි සොයනු පිණිස

Dec 26, 2010

බ්ලොග්කරණය කලාවක්ද?


A guilty conscience needs to confess. A work of art is a confession.
෴ Albert Camus ෴
ලියුම්කරුට අනුව නම් කලාව යන්න අර්ථදක්වාලිය හැක්කේ කිසියම් රසවින්දනාත්මක මෙහෙවරක් ඔස්සේ රසවින්දනාත්මක කර්තව්‍යයක් ඔස්සේය. පුවත්පත් කලාවේදියෙකු, ගත්කතුවරයෙකුගේ කාර්යභාරය කුමක්ද ඒ හා සමගාමීව බ්ලොග්කරුවන්ට නියමිත සමාජීය වගකීමක් සහ රසවින්දනාත්මක කෘත්‍යයක් ආරෝපනය වේ. එය එසේ ආරෝපනය වන්නේ කෙසේද යන්න මෙම ලිපියේ සෙසු අන්තර්ගතය ඇසුරින් පහදාදීම ලියුම්කරුගේ අරමුණයි...
මාෂල් මැක්ලුහන්ගේ විශ්ව ගම්මාන සංකල්පයත් සමග අන්තර්ජාලය පෘථිවිය තුල ජනප්‍රිය වනුයේ එහි අදාල සංකල්පය බල ගැන්වීමෙහිලා තිබිය යුතු මූලික ලක්ෂණ බොහොමයකින් සමන්විත වූ නිසා බව ලියුම්කරුගේ අදහසයි. මෙහිලා සාමාජීය ජාල(social networks) සහ ඊමේල් වැඩි කාර්යභාරයක් ඉටු කල බව සඳහන් කල යුතුය. මේ ඇසුරින් විවිධ ජාතීන් ආගම් අතර සම්බන්ධතා පුළුල් වූ අතර එය පෙර තිබු සම්බන්ධතා වලට වඩා වෙනස් ස්වරූපයක් ගති. මේ හා සමග කුඩා කල අපට තැපෑලෙන් ලියුම් එවූ ඇමරිකාවේ හෝ ජපානයේ පෑනේ මිතුරා අපෙන් ඈත්වී ඔන්ලයින් මිතුරෙකු බිහිවීම සිදුවිය.
අන්තර්ජාලය තුල දවසේ පැය විසිහතරෙන් වැඩි කාලයක් ජීවත් වන e - පුරවැසියන් උදෙසා අන්තර්ජාලය තුල දිනපොතක් ලෙස තබාගැනීම අරමුණු කරගෙන නිර්මාණය වන weblog නමින් සිය දෛනික කටයුතු ලේඛනගත කිරීමේ පහසුව සඳහා සයිබර් දිනපොතක් ලෙස බ්ලොග් ආරම්භය ලෙස සනිටුහන් වේ..
මෙවන් සන්දර්භයක් තුල සිය දිනපොත් සිය පෞද්ගලික දිනපොත සියළුම දෙනාට කියවිය හැකිවන පරිදි වෙනස්කල හැකිවීමත් සමග බ්ලොග් අඩවි දිනපොත් ආකෘතියෙන් බැහැරව එයට ජර්නල් ස්වරූපයක් ආරෝපනය වන්නේ එහි ඇති ලේඛන ප්‍රසිද්ධියට පත්වීමත් සමග එහි නිර්මාණාත්මක ස්වරූපය පුද්ගලික දිනසටහනකට වඩා වැඩි වීම නිසාය. මෙවැනි සන්දර්භයක් තුල බ්ලොග් අඩවි එක්තරා එක් ආකෘතියක් ඔස්සේ දිගටම නිර්මාණය වන්නට විය. බ්ලොග් අඩවිට ප්‍රසිද්ධ කිරීම හා සමගාමීව එයටම අනන්‍ය වූ රසිකයින් පිරිසක් එනම් කියවන්නන් පිරිසක් ඇතිවීම ස්වාභාවිකය. ඉන්පසු ස්වකීය රසිකයින් පාදක කරගනිමින් ලේඛනයේ යෙදීම බ්ලොග් කැටගරි වීමට මූලික හේතුව ලෙස සඳහන් කිරීම නිවැරදිය.දැනට ප්‍රචලිත කැටගරි ලෙස පුවත්, දේශපාලනික, කලා, තාක්ෂණික දැක්විය හැක..
සිය බ්ලොග් අඩවියට රසික සමූහයක් ඇතිවීමත් සමග සිය නිර්මාණ කෙරෙහි වගකීමක් ඇති විශ්වාසනීය සටහන් යෙදීමට රචකයා බැඳී සිටියි. මෙය ග්‍රන්ථ කතුවරයෙකු හෝ පුවත්පත් කලාවේදියෙකු ඉදිරිපත් කරන ලේඛනයකට සමාන වගකීමක් ලෙස මම දකිමි.නමුත් පුවත්පත් කලාවේදියෙකුට හෝ නිර්මාණකරුවෙකුට හෝ නොලැබෙන අවස්ථාවක් මෙහිදී නිතැතින්ම බ්ලොග්කරුවාට හිමිවේ. එනම් පාඨක අදහස් ග්‍රහනය කරගැනීමේ අවස්ථාවයි. මෙහිදී අදාල පුද්ගල චරිතයෙන් හෝ නිර්නාමික අදහස් දැක්වීමටද හැකියාවක් ඇත. එනිසා විවේචන සඳහාද විවෘත තත්වයක් හිමිවී ඇත..
බ්ලොග් රචනය යනු කලාවකි. මේ සටහන හුදෙක් බ්ලොග් රචනය පිලිඹඳ ලියැවුන කෙටි ලියවිල්ලක් වන අතර මෙහි අදහස් ලියුම්කරුගේ පෞද්ගලික අදහස් වේ. බ්ලොග් අඩවියකට පුවත්පතකට හෝ ග්‍රන්ථයකට මෙන් රජයේ රෙගුලාසි වලට යටත්ව ලියාපදිංචියක් නැත. රචකයා කවුද යන්න දැනගැනීමේ හැකියාවද ඉතාමත් අල්පය. එනිසා බ්ලොග්කරණය සිදුවන්නේ විවෘත නිදහස් අදහස් ප්‍රකාශනය සිදුවන මාධ්‍යයක් ඔස්සේය. එනිසා එහි ඇති ස්වයං වගකීමද විශ්වාසයද වැඩිවිය යුතුය...

6 ගල්මුල්:

නියමයි! පටන් ගැන්මක් විදිහට බ්ලොගින් වලටම විචාරයක් දීලා පටන් ගන්න පුලුවන් වෙච්ච එක හොඳයි.

මුලින්ම කිව යුතු දේ මේ ලිපිය මීටත් වඩා අවධානයට බඳුන් වෙන්න ඕන, "බ්ලොග් කරුවාගේ කාර්‍යභාරය ප්‍රශ්න කෙරෙමින් පවතින නූතන සන්දර්භය" ඇතුලේ. හරි අපි බ්ලොග් ලියනවා. ඉතින් මොනවා ගැනද ලියන්න ඕන? කන බොන ඒවා ගැන? දවසේ කරපු වැඩ ගැන? ටෙක්නිකල් කාරණා ගැන? සමාජ දේශපාලනික මතවාදයන් ගැන? සාහිත්‍යය ගැන? දර්ශනවාදයන් ගැන?

ප්‍රධානම කාරණය අපිට බ්ලොගින් වලට පරාමිතීන් නිර්ණය කරනකොට ගොඩක් පරිස්සම් වෙන්න වෙනවා. සරලව මේක හොඳ බ්ලොග් එකක්, මේක නරක බ්ලොග් එකක් කියන්න බැහැ, හේතුව "අද උදේ නැගිට්ටා, චූ කලා, කෑවා බිව්වා" ටයිප් එක මට දිරවන්නේ නැති වුනාට ඒක දිරවන වෙනත් පාඨකයෝ ඉන්නවා. සමහර විට මේ කියන ටයිප් එකටම තව බ්ලොගර් කෙනෙක් තමන්ගේ දවසේ කටයුතු හරිම ආකර්ෂණීය විදියට ඉදිරිපත් කරන්න පුළුවන්.

ඒත් අපිට පුළුවන් බ්ලොගින් එතික්ස් කියලා දෙයක් අවධානයට ගන්න. අපි මෙහෙම කියමු, ඔබ ලියනා හැමදෙයක්ම කවදාහෝ තවත් කෙනෙක් කියවනවා, ඔබ ලියනා දේ සයිබර් අවකාශයේ කොටසක්. ඒ කියන්නේ ඔබ ලියන දේ ගැන ඔබ වගකීම් සහගත වෙන්න ඕන.

මම හිතනවා අපි බ්ලොග් රචකයෙක් විදියට කරන්න ඕන වැඩ කොටසක් තියෙනවා. ඒ සමාජ දේශපාලන මතවාදයක් හෝ වේවා චින්තන පරපුරක් වේවා, අදහස් ධාරාවක් වේවා බිහිකිරීම හෝ පවතින යමක් පෝෂණය කිරීම. ඒ කාර්‍ය භාරය ඔබගේ සංකීර්ණ හෝ අතිශය සරල අදහස් වලින් සමන්විත බ්ලොග් අඩවිය හරහා ඉටුවන තාක් කල් මට ඔබ බ්ලොග්කරුවෙක්!

~ හිපියා

හ්ම්... නියමයි... නියමෙට ලියලා තියෙනවා... දිගටම ලියන්න... ජය වේවා!!!

මම නම් හිතන්නේ මේක තමා අනාගත ජනමාධ්‍යය වෙන්නෙ. සාමාන්‍යයෙන් පුවත්පත්/රූපවාහිනී ඉදිරිපත් කිරීමකදී යමක මූලිකම සංඝඨක පවා අතහැර ලිවීම කරන්න පුළුවන්. (අරයාගේ විපරම වගේ එකක් ගමුකෝ) මොකද එසැන ප්‍රතිචාර ලැබීමක් සිදු නොවන නිසා. නමුත් මෙතැන ලියන කෙනෙක් ඒ හැම දෙයක් ගැනම හිතන්න වෙනවා. (කොහොමද විපරම වගේ එකක් මෙතන ලිව්වොත් එහෙම?)
මේක මාධ්‍යකරණයේ අලුත් පරම්පරාව.

චාර්මි එක්ක එකග වෙනවා..සාමනය පුවත් පත්..රේඩියො වගෙ මාදය දැන් ඇත් වෙවි යන්නෙ.අනගතයෙ ( බොහොමයක් දුරට දැනටමත්) බ්ලොග් කරනය වැදගත් මාද්යක් වෙනවා නොවනුමානයි

හොඳ බ්ලොග් එකක්එහෙම නැත්නම් වැඩකට නැති බ්ලොග් එකක් කියල මම නම් හිතන්නේ වර්ග කරන්න පුළුවන්.හැබැයි වර්ග කිරීම කරගන්න ඕන බලන කෙනා තමයි ඉතින්.බ්ලොග් ලියන අය වීරයෝ හැටියට දකින ගොඩක් අයට ඕන වෙනවා තමන්ගේම කියල බ්ලොග් එකක් ආරම්බ කරන්න. එත් එක පවත්වාගෙන යන්නේ කොහොමද ලියන්නේ මොන කාරණාද කියන එක ගැන වැටහීමක් නැතුව කරන ආරම්බයක්. පටන් ගත්ත බ්ලොග් එක බලන්න අයත් ඉන්න ඕන නේ. ඉතින් නගිනවා බස් වලට මේක කරන්නේ බ්ලොග් කියල දිනපොත් ලියන අය. බස් පැදීම ගැන විවේචනයක් නෙමේ.ස්ත්‍රී පක්ෂේ කෙනෙක් නම් වැඩේ තවත් ලේසි. ඊට පස්සේ ඉතින් පිට කසා ගැනීම පුළුවන් උපරිමේට කරන්න තියෙන්නේ. බස් එකෙන් පිට එකෙක් අප්සෙට් කමෙන්ට් එකක් දැම්මොත් උට කොටන්න රෑනක්ම ඉන්නවා අර හිතවත් කම් නිසා .මේක කල්ලි වාදයක්........

Post a Comment