බ්ලොග්කරණය කලාවක්ද?

ලියුම්කරුට අනුව නම් කලාව යන්න අර්ථදක්වාලිය හැක්කේ කිසියම් රසවින්දනාත්මක මෙහෙවරක් ඔස්සේ රසවින්දනාත්මක කර්තව්‍යයක් ඔස්සේය. පුවත්පත් කලාවේදියෙකු, ගත්කතුවරයෙකුගේ කාර්යභාරය කුමක්ද ඒ හා සමගාමීව බ්ලොග්කරුවන්ට නියමිත සමාජීය වගකීමක් සහ රසවින්දනාත්මක කෘත්‍යයක් ආරෝපනය වේ. එය එසේ ආරෝපනය වන්නේ කෙසේද යන්න මෙම ලිපියේ සෙසු අන්තර්ගතය ඇසුරින් පහදාදීම ලියුම්කරුගේ අරමුණයි...

වැඩි දුරට..

සමාජීයජාල එකතුවට

අවැසි ලිපි සොයනු පිණිස

Feb 8, 2012

සදා සොත්ථි භවන්තු තේ...

ගෞතම හෙවත් බෞද්ධයින්ගේ ශාස්තෘවරයානන් මංගල සූත්‍රය දෙසූ සේක. ආර්ය අෂ්ඨාංගික මාර්ගය දෙසූ දේක. කතිකාවට මූලය වන්නේ මෙම දේශනාවක් දෙකය.

ගෞතම ඉන්දියාව තුල පහල වන්නේ එකල තිබූ ආර්ය යනු ගණගෝත්‍රයේ තිබූ ඒකාධිපති බලතල වලට විරුද්ධව චින්තන විප්ලවයක් අවශ්‍ය නිසායැයි ලියුම්කරු තරයේ විස්වාස කරයි. ගෞතම උත්පත්තියට පෙර පස්මහ බැලුම් බලන්නේද ඒනිසාය. එකල තිබූ ආර්ය සිරිත් විරිත් වලට ගෞතම විසින් පහර එල්ල කරනුයේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය, සප්ත ආර්ය ධනය චතුරාර්ය සත්‍යය, යන මූලික සංකල්පයන් ඉදිරිපත් කරමිනි. මෙයට ආර්ය යන නම ඈඳෙන්නේද එකී සමාජ පසුබිම හේතුකොට ගෙනය. කොටින්ම කිවහොත් නියම ආර්යයා යනු මොහුය යනුවෙන් නව අරථකතනයක් හඳුන්වා දෙයි.

ගෞතම විසින් මංගල සූත්‍රය දේශනා කර ඇත්තේ එතුමා හමුවට පැමිණෙන දෙවියන් හට පිලිතුරු දේශනාවක් ලෙසය. එය මෙය කියවන්නාත් මමත් ඉගෙන ගෙන ඇති ප්‍රසිද්ධ කාරණයයි. එකල තිබූ ඇදහිලි වලට අනුව දෙවියන් යනු පොරකි. දෙවියන්ට ඕනෑ දෙයක් කල හැක. මංගල සූත්‍රයේ අරමුණ ලෙස ලියුම්කරු දක්වන්නේ දෙවියන් යනුද මිනිසෙකු බවය එසේත් නැතිනම් දුක්ඛ අනිත්‍ය අනාත්ම යන දර්ශනයට යටත් වන ජීවියෙකු බවය. ගෞතම මංගල කරුණු ලෙස කරුණු ගෙනහැර දැක්වීමක් සිදුකලේ එසේ දෙවියන් සහ මිනිසුන් යන කොඨ්ටාශ දෙකෙහි සුඛ විහරණය උදෙසා වැදගත් වන ක්‍රියා පිලිවෙත් පිලිඹද ජනයා දැනුවත් කිරීම උදෙසාය.

වටපිටාව සකසා අවසානය. දැන් ඇත්තේ ගැටළුවට අවතීර්ණ වීමය.
හින්දු විවාහ සිරිත් වල මූලිකව මංගල කරුණු කිහිපයක් සඳහන් වේ.


  • භූමි මංගලම්, උදක මංගලම්
  • අග්නි මංගලම්. වායු මංගලම්
  • ගගන මංගලම්. සූර්ය මංගලම්. 
  • චන්ද්‍ර මංගලම්. ජගත් මංගලම්.
  • ජීව මංගලම්. දේහ මංගලම්.
  • මනෝ මංගලම්. ආත්ම මංගලම්.

සර්ව මංගලම් භවතු..............
සර්ව මංගලම් භවතු..............
සර්ව මංගලම් භවතු..............
            ලෙස පාඨය අවසන් වේ

සර්ව යනු සියළු යන අර්ථය ගෙනදේ. සබ්බ යනු එයට සමාන පදයකි.
මෙහි සර්ව මංගලම් භවතු යනු හින්දු මංගල චාරත්‍ර වලින් බිඳී ආ ප්‍රත්‍යයකි. ගෞතම විසින් මෙවන් කාරණයක් දේශනා කර නැත. මෙය පසුකාලීනව ශංකාචාර්යගේ බලපෑම නිසා එකතු වූ කරුණු විනා වෙන අහවල් එකක් නොවේ. සරලවම කිවහොත් භවතු සබ්බ මංගලම් යනු ගෞතම දර්ශනයට අදාල එකක් නම් මංගල සූත්‍රය ගෞතම දර්ශනයේ තිබීම ප්‍රතිවිරුද්ධය. එහි අනික් පැත්තද එසේමය. ඉතින් මේක ගැන තව දුරටත් කතා කල යුතු නැත. මොලයක් ඇත්තන් මෙය තේරුම් ගනු ඇත. නැත්තන් අර අහිංසක ගයාන් පෙරේරාව මරන් කනු ඇත.
එහි භවතු සබ්බ මංගලම් යන ගාථාව යන්නේ ගයාන්ගේ මේ වදන් පෙල අවසානයේදීය
යන්නට පෙර මධුසමයට දෙන්න ලොකු දුකක්.. 
ඉතින් දෙයියනේ භවතු සබ්බ මංගලම් කියන්නේ ඒකට කලින් නෙමෙයිද?