සමාජීයජාල එකතුවට

අවැසි ලිපි සොයනු පිණිස

Apr 6, 2011

සයිබර් අවුරුදු උත්සවය, 2011


අවුරුදු උත්සවයක් කී විගසින් හිතට නැගෙන්නේ බනිස් කෑමක් අලියාට ඇහැතැබීමක් කණා මුටිටිය බිඳීමක් වැනි ප්‍රබුද්ධයින්ට සාපේක්ෂව ගොන්පාට් සමුදායකි. එනිසා මෙය සයිබර් අවුරුදු උත්සවය ලෙසින් ලියා ලිපිය ආරම්භ කරනුයේ අදාල අවුරුදු උත්සවය තුලද තිබුනේ ප්‍රබුද්ධයින් අනුකූලව ගොන්පාට් ලෙස අර්ථ දැක්වෙන එකී තරඟ නිසාවෙනි. එනම් මෙය අවුරුදු උත්සවයකි. අවශ්‍ය නම් ගැදරින් එකක් ලෙසද අර්ථ දක්වා ගත හැක.

උත්සවයේ අරමුණ බ්ලොග් කරුවන් එකතුකර 'ආතල්' එකක් දැමීමය. පසුව ඊට දිලුම්ගේ අවශ්‍යතාවයද එකතු වුන බැවින් ඒ පිලිඹඳව සලකා බැලීම්ද සිදුවිය. එනිසා මෙහි මුල් අරමුණු සහ දිලුම්ව පටලවා ගැනීම සඳහා යමෙකුට අවශ්‍ය නම් එයද දැන් සුන් වී අවසානය. දිලුම් හුදෙක් අවුරුදු උත්සවයේ ද්විතීයක ලෙස එලි පැමිණි අරමුණකි. අවුරුදු උත්සවය ආරම්හ වන්නේ බ්ලොග් කරුවන් සඳහා නියම ගැදරින් එකක් අවශ්‍ය නිසාය.

නියම අවුරුදු උත්සවයක් යනු මෙය නොවන බව ලියුම්කරුද පැහැදිලිව පිලිගන්නා කරුණකි. නමුති අං ඇදීම, පොර පොල් ගැසීම, කිසිවෙක් නොදන්නා සන්දර්භයක් තුල පද්ධතියට අනුගත වීම විනා අන් විසඳුමක් නොමැති බව ලියුම්කරුද අත්විඳ ඇති කරුණකි. මෙහි දෙවන කරුණ වන්නේ දන්නා තරමින් අදාල සංවිධායකයින් කිසිවෙක් සංස්කෘතික වාදීන් හෝ සදාචාරවාදීන් හෝ ආගම්වාදීන් නොවන නිසා එකී අවුරුදු උත්සවයක් කිරීමේ අවශ්‍යතාවයක්ද නොපැමිණි බැවිනි. මෙය සදාචාරයට බැණ අඬගැසීමක් ලෙසද අදාල පුද්ගලයින්ගේ මනෝභාවයන් හා පරිකල්පනයක් ඔස්සේ කියවා ගත හැකිය.

රවුම් ගණනකට වැටයූ කල බ්ලොග් කරුවන් එකසිය හැටක් පමණ අදාල උත්සවය සඳහා සහභාගි වී තිබුනි. ඡායාරූප බැලූකල වැටහෙන්නේ බහුතරයක් දෙනා සිනාසෙමින් සිටිබවය. නමුත් හඬන්නන් නැතැයි කීමට තරම් ලියුම්කරුට ඒ ගැන අවබෝධයක් තිබුනේ නැත. කෙසේවෙතත් ලියුම්කරුගේ පෞද්ගලික අදහස නම් මිනිසා යනු සමාජශීලිත්‍ය සත්වයෙක් වන නිසා හඳුනාගැනීම් ආදී දේවල් ඔහු විසින් සිදු කරගත යුතු කාරණා බවය. තවකෙක් තමා වෙතපැමිණ කතා කරනතෙක් යමෙක් සිටීනම් පවතින සමාජයේ ඔහු හුදකලා වීම ප්‍රත්‍යක්ෂයකි. එය බක්මහ උලෙකට නොව වෙනත් ඕනෑම අවස්ථාවක් සඳහා සත්‍ය වෙන කරුණකි.

ලියුම්කරු සංවිධායක මණ්ඩලේ සිටි හෙයින් පිටතින් පැමිණෙන්නෙක් මෙය කොයි ආකාරයෙන් ජීර්ණය කර ගත්තාද යන්න ගැන මනා වැටහීමක් නැත. එනිසා ඒ ගැන කතා කිරීම ලියුම්කරුට අයිති වැඩක් නොවේ. කෙසේ වෙතත් අවසාන වශයෙන් සංස්කෘතිකමය රාමුව තුල ගොන්පාට් එකක් වූවත් එක දිගට මාස තුන හතරක් එක දිගට කාර්යාල වල පුටු රත්කරමින් යතුරුපුවරුවකට මොනිටරයකට සිරවූ ජීවිතය තුල පැවතියා වූ ආතතිය බ්ලොග් එකකින් පමණක් එලියට දැමූ ලියන්නන් මෙසේ පැමිණ පොඩි එවුන් මෙන් විනෝදවනු දැක මට නම් සංතෝසයක් ඇතිවේ. එය ජයතිලකයන්ගේ චරිත තුනක්හි ඉසා සිය වගාවන් ලෙස බලා ඇති කරගත් ආඩම්බරයකට සමාන ආඩම්බරයකි.

11 ගල්මුල්:

ආ දැන් උඹ ඉසා..අපි උඹේ බණ්ඩක්කා පතෝල..මෑ කරල්...

මට නම් අවුරුදු උත්සවයට එන්න හැකියාවක් තිබුනේ නැහැ. එදා දිනයේත් රාජකාරියට වාර්තාකිරීමට තිබූ නිසා. ඇත්තටම සහභාගීවීමට නොහැකිවීම ගැනනම් මට කණගාටුවකුත් තියෙනවා. ඔබ කියන එක සත්‍යයක්. අපි මෙතන අවුරුදු උත්සවය යන සංකල්පය යොදාගත්තේ හැකියාවක් තියෙන සෑම දෙනාම එක් කරල එක‍නෙකා හදුනාගෙන තවත් අපේ සබදතාවයන් වර්ධනය කරගන්නයි. ඒක නිසා මෙතන අපේ සංස්කෘතික අංග හැම එකක්ම කිසිදු අවශය බවක් නැහැ. නව අංග ඇතුලත්විය යුතුයි. මම පසුව බ්ලොග් වල දැක්ක විදියට ආරාධිත අමුත්තාවත් පිළිගත්ත ආකාරයත් නව්‍යබවක් තියෙනවා. ඒකට විවිද අර්ථකතනත් ඇති. නමුත් ඒ වගේ දේවල විනෝදයක් වගේම අනන්‍යතාවයකුත් තියෙනවා. ඊලග සැරයක පැවැත්වෙන අවුරුදු උත්සව හෝ වෙනයම් අපේ බ්ලොග් රචකයන් එක්වෙන වෙලාවක මමත් එන්න බලාපොරොත්තුවෙන් සිටිනවා...

* පිටස්තරයා
* Pathum Punchihewa
* ආගන්තුකයා | Stranger
* LishWish
* මුචලින්ද
මේ හතර දෙනාගෙන් කොයි පුතා ද ඉසා පුතා කියලා මං මේ කම්පනා කොලේ....... :D

සංවිදායක මන්ඩලේ ඉඳන් විවෙචනය කරන කොට හරි විවේචන්යක් වෙයි කියලා පිලිගන්න බෑ. හුදෙක් හැමෝම වගේ හොඳ කියල විතරයි.......... ඒක වහගන්න බොරුවට සංස්කෘතියක් පටලන්.

මේක විවේචනයක් තමා.. එක පැත්තකින් සිද්ද වුන. සාපේක්ෂ විවේචනයක්.. අනික නිශ් විවේචනවල ප්‍රතිවිරෝධතාම තියෙන්න ඕනි කියලා එකක් නෑ.. එච්චරයි..

අඩේ මේ උඩින්ම තියෙනවානේ ආගන්තුකයා තමයි ඉසා කියලා......... මං ඒක දැක්කේ නැහැ නොවැ........ හරි හරි........

ආගන්තුකයා ඇත්ත, ඒත් සමාජ සම්මතයක් තියෙනව විවේචන කිව්වම. බලාපොරොත්තු වෙන්නෙ නෑ හොඳ කීමක්. අනික මම මේක විවේචනයක් නෙමෙයි කියල කිව්වෙත් නෑ මම පාවිච්චි කරේ හරි විවේචනයක් කියලා හොඳට කියවන්න මගෙ කොමෙන්ටුව.ඇත්තටම මම සින්ඩියෙ මේක දැක්කම හිතුවෙ අර ඇනොනිමිසා එකේ ගෙට් එකට ලිව්ව වගේ ලියල ඇති කියල මොකද අපි කරපු දේ අඩුපාඩු තමා අපි ඉස්සෙල්ලම දැනගන්න ඕනි. මම මේක කියෙව්වම මට හිතුන දේ තමා මම ලියල ගියේ

ආ ගාණක් නෑ.. ඒත් මේකෙ තියෙන විවේචයක් කිව්වාම හොඳ නරක දෙකම තියෙනවා.. මම මෙතන කලේ එක අතකට ඩිෆෙන්සිව් වැඩක්. විවේචන කියන එකට එහෙම සමාජ සම්මතයක් නෑ.. විවේචනයක් කිව්වාම හොඳ නරක දෙකම වෙන්න පුළුවන්.. අඩුපාඩු පෙන්නන එක නම් කවුරු වුනත් වැදගත්. මොකද හැම දෙයක්ම සර්වසම්පූර්ණ වෙන්නෙ නැති නිසා. හිතුන දේ කියන්න උපරිම නිදහස තියෙනවා අනික සංවාදයකුත් ඇතිවෙන්න ඕනිනේ..

මේය පලමු උත්සහය නිසා විවේචනයද සාධරණ විය යුතුය දෙවන අධියරට යන විට මේයට වඩා සාර්ථක වේයැයි මා සිතමි

ඇනොනිමසයා එකවුන්ට් එකෙන් කවුරුහරි පොඩ්ඩක් නෙගටිව් කමෙන්ට් එකකුත් දාන්නකෝ. ලසියා බොට බැරිද?

:P උඹ දාපන් මොහොමඩ් එකවුන්ට් එකෙන්..

Post a Comment