සමාජීයජාල එකතුවට

අවැසි ලිපි සොයනු පිණිස

Aug 29, 2011

ගාමනී බැලීම සහ කියවීම...

1999 ගෝනගල සිදුවුන 57 දෙනෙකුගේ ඝාතනය කොටි සංවිධානය විසින් සිදුකල ම්ලේඡ ක්‍රියාවලින් එකක් ලෙස ලියුම්කරුද හඳුනාගනී. නමුත් සැබවින්ම ගාමනීගෙන් සාකච්ඡා වන්නේ එයදැයි චිත්‍රපට ශාලාවේ එලියට බසින තෙක් ප්‍රශ්නාර්තයක් රැඳුන නිසා එය විශ්ලේෂනයෙන් පසු මෙසේ ලිපියක් ලෙස එම සිතුවිල්ල එලියට පැමිණේ.
ගාමනී චිත්‍රපටියේ අධ්‍යක්ෂක පාර්ලිමෙන්තු මන්ත්‍රී සරත් වීරසේකරයන්ය. එතුමා සිවිල් ආරක්ෂක බලකායේ හිටපු ප්‍රධානියා ලෙසද කටයුතු කර ඇතිවාක් මෙන්ම මෙම කතාවට එකල ග්‍රාමාරක්ෂක බලකාය ඈඳෙන්නට එයත් ප්‍රබල හේතුවක් වන්නට ඇත. ගාමනී ඇරඹෙන්නේ සත්‍ය සිද්ධියක් ලෙසය. නමුත් චිත්‍රපටයේ සත්‍ය සිදුවීම ගෝනගල ඝාතනය පමණකි. එනම් මුල් අර්ධයෙන් පැය බාගයක පමණ කොටසකිය. ඉතුරු කොටස ප්‍රබන්ධයකි.
ස්වදේශ ආරක්ෂක සේවය ග්‍රාමාරක්ෂක සේවය බවට පත්වීමත් සමග එහි වෙනසක් සිදුවන්නේ 2006 සිදුවන කැබිතිගොල්ලෑව බෝම්බයත් සමගය. ඉන්පසු ග්‍රාමාරක්ෂක සේවය සිවිල් ආරක්ෂක බලකාය ලෙස වෙනස් වන අතර එවකට 19000ක් වූ භට පිරිස 41000 ප්‍රමාණයක් දක්වා වර්ධනය කිරීම සිදු කරනු ලබයි. චිත්‍රපටයේ මුල් අර්ධයට පසු ඇත්තේ ප්‍රබන්ධයක් වන්නේ එනිසාය. එනිසා ගාමනී සත්‍ය කතාවක් යැයි කවුරුන් හෝ විස්වාස කරයි නම් එය බැහැර කිරීම මැනවි.
සිවිල් ආරක්ෂක සේවය යනු චිත්‍රපටියක් තුල කතා කලයුතු මාතෘකාවන්ය. සිවිල් ආරක්ෂක භටයා සිවිල් ආරක්ෂක සේවයට එලඹීමේ පටන් ඒ තුල කතාවක් පවතී. මක් නිසාද යත් ගමට ආදරෙන් සිවිල් ආරක්ෂක සේවයට එක්වන්නේ ඉතා අල්පයක් බැවිනි. ඔවුන් සිවිල් ආරක්ෂක සේවයට එක්වන මූලික හේතුව ඔවුනට හමුදා සේවයට එක්වීමට තරම් අධ්‍යාපන මට්ටමක් නොමැති නිසාය. එක් වරක් තන්තිරිමලේ සිදුකල වැඩමුළුව හා සබැඳුන අත්දැකීම් සමග එකල ග්‍රාමාරක්ෂක සේවය කොතරම් දුරට ගමතුල විහිදී ගියාද යන්න පිලිඹඳ යම් අදහසක් ලියුම් කරුට ලබාගත හැකිවිය. එම ජීවිත තුල චිත්‍රපට බරගානකට කතා තේමා ඇත. නමුත් සරත් වීරසේකරයන් සුප්‍රසිද්ධ වානිජ තේමාවකට ගාමනී තුල සිරවී ඇත.
ගාමනී කතා තේමාව විවිධ පැතිකඩ ඔස්සේ ලියුම්කරු චිත්‍රපටි ඔස්සේ දැක ඇත. ඔබ අනූව දශකයේ හින්දි චිත්‍රපට නැරඹා ඇත්නම් ගාමනී කතා තේමාව වෙන වෙන ලේබල් ඔස්සේ රසවිඳ ඇතිවාට සැකයක් නැත. ගාමනී ගේ වෙනස වන්නේ පොදු කතා තේමාවට වෙනස් අයිසිං තට්ටුවක් ආලේප කිරීමයි. නමුත් ගාමනී ඔබ කලින් නරඹන ලද ඒ චිත්‍රපටයම වේ.
සංගීතය හා කැමරාකරණය චිත්‍රපටයට සාධාරණයක් ඉටුකරන අතර සටන් ජවනිකා තුල නම් ගාමනී කියා වෙනසක් නැත. සංගීතය තුල නදීක ගුරුගේ අනන්‍යතාවය බිඳ වැටේ. නමුත් එය උදිත ජයසිංහගේ සංගීතය නම් ඉතා සතුටුදායක තත්වයකි. මන්දයක් කැමරාකරණයෙන් හා සංගීතයෙන් චිත්‍රපටයට යම් සාධාරණයක් ඉටු කරන නිසාය.
අවසාන වශයෙන් කිව යුත්තේ ඔබ යන්නේ ගාමනී තුලින් වෙනසක් දැකීමට නම් එය ඵල රහිත ක්‍රියාවකි. ඔබ යන්නේ තවත් වානිජ චිත්‍රපටියක් නැරඹීමට නම් ඔබ ගාමනී නැරඹුවාට ගැටළුවක් නැත. නමුත් කතා තේමාව අනූව දශකයේ හින්දි චිත්‍රපටි තේමාවම වේ. එය ලංකාවේ රාමුවට ගෙන ඒමේදී සරත් වීරසේකරයක් යම් තරමක් සාර්ථකය. නමුත් චිත්‍රපටයක් මෙසේ විය යුතු නැත. නමුත් ලංකාවේ මෑත කාලයේ ආකාස කුසුම් චිත්‍රපටියට පසු බැලීමට ටිකක් හෝ සිතෙන චිත්‍රපටි ගොන්නට මම ගාමනී ඇතුල් කරමි. නමුත් ආකාස කුසුම් හා හැරෙන්නට ගාමනීට නොහැක...

6 ගල්මුල්:

I agree with u...After watching the movie I thought I have wasted my tym:((((....Disappointed...

මාත් බලන්න යනවද නැද්ද කිය කිය හිටියේ..ඒක ඕනත් නැහැ..

වීරසේකර මොලකාරයා. මේ දවස්වල ඕන හූණු බිජ්ජක් විකුණගන්න ක්‍රමේ මිනිහා දන්නවා.

ඒකත් එහෙමද මං හිතුවෙ කාලෙකින් ආපු සුපිරි චිත්‍රපටයක් කියලා .... බලන්ඩ යන්නයි හිටියෙ වැඩක් නෑ වගේ

This comment has been removed by the author.

ඇයි ඔබ එතරම් සරත් විරසේකරයන්ගේ ගිමණි ගැන මෙසෙ කථා කරන්නේ.අපේ රටේ චිත්‍රපට ගත් කල බොහෝ අතලොස්සකි වටිනා කමක් ඇත්තේ.ඒ අතරට ගාමණි ඇතුලත් කරමු නේද?

Post a Comment