සමාජීයජාල එකතුවට

අවැසි ලිපි සොයනු පිණිස

Nov 5, 2012

කර්ම කරුමයක් නොවේ..

සිනමාහල මහරගම නැෂනල්ය. චිත්‍රපටයක් බැලීමට තරම් සුදුසු තත්වයේ සිනමාහලක් නොවූවත් යාම් ඊම් පහසුකම නිසා කර්ම බැලීමට නැෂනල් තෝරාගත්තේ ලියුම්කරු සහ තවත් මිතුරෙකි.


කර්ම යනු අපි බොහෝ චිත්‍රපටවල දැක ඇති තේමාවකට අනුකූලව නිර්මානය වූවකි. කෙටියෙන්ම කිවහොත් කර්ම අපි කලින් බලා ඇති චිත්‍රපටි දෙක තුනක එකතුවකි. නමුත් ප්‍රසන්න ජයකොඩි කර්ම තුලින් ගෙන එන සාධකය හෙවත් මෙව්වා එක එතරම් හොඳ තත්වයෙන් එලියට දැමිය හැක්කේ ප්‍රසන්න හැරුණුකොට තව කිහිපදෙනෙකුට පමණී.

චිත්‍රපටිය ආරම්භ වන්නේ අන්ත දෙකකිනි. එය පියල්ගේ අන්තය සහ අමන්දාගේ අන්තය ලෙස වෙන්කරගත හැක. කර්ම කතාව තුල විවේකය දක්වා "තරන්තිනෝ ලක්ෂණය" ප්‍රකට වේ. නමුත් අන්ත දෙක විවේකයේදී එකතු වේ. පියල්ට අමාගෙන් ලැබෙන්නේ පියල්ට නොලැබෙන කාමයයි. එය අමන්දාගේ ගීත ගායනයකට සවන්දීමෙන් අමා නානවිට අමාගේ නානකාමරය තුලින් එන ජලයට කකුල තැබීමෙන් සංසිදවන්නේ නැත. පියල් අමාගේ කාමරයට එබී බෙල්ල කඩාගන්නේ ඒ නිසාය.

අමාගේ අන්තයේ පියල් තවත් එක් පොඩි එකෙක් පමණකි. අමා හුදකලා යුවතියකි නදීගෙන් කාමයට වඩා යමක් ලැබෙන්නේ නැත. අමා ඒ රැකවරණය සොයන්නේද නැත. නමුත් පියල් එන්නේ මොකාටද කියා අමා දනී. අමාගේ පාර්ශවයෙන් පියල් යනු පොඩි එකෙකි. එය මානුෂීයය. අමා පියල් සමග සංවාසයේ යෙදෙන්නේද එම මානුෂික සම්බන්ධතාවය නිසා විය යුතුය. අමාගේ අන්තයෙන් බැලූ කල අමා පියල් සම්බන්ධතාවය තරමක් සංකීර්ණය.

පියල්ට සිය මව මගහැරේ. අවුරුදු 25 තරුණයෙක් පියා සමග පවතින අරගලය පියල්ටත් පවතී. එය සිය මවගේ මරණය ගැන වරද පියල් විසින් පියාගේ පිට පැටවීම මත දෙදෙනාගේ ඇතිවන මත ගැටුමක් ලෙස ප්‍රසන්න පෙන්වා දේ. කෙසේ වෙතත් පියල්ගේ සිය මවගේ මරණය පිලිඹඳ වරදකාරී හැඟීමක් පවතී. එය අවසානයේ අමන්දාගෙන් සමනය කරගැනීමට පියල් විසින් උත්සාහ කරයි.

කර්ම තුල ලියුම්කරු ආසා කරණ විශේෂ ලක්ෂණ කිහිපයකි. අමාගේ චරිතයේ විහිදීම ඉන් ප්‍රධාන වේ. අමා කොලඹ ඉංග්‍රිසි කතා කරන පරපුර නියෝජනය කරයි. අමා ස්වාධීනය. නදී අමා හැරගිය විටත් අමා විසින් පියල්ට දුක ප්‍රකාශ නොකරන්නා සේම පියල් අමා සම්බන්ධතාවය "ඉලෙක්ට්‍රා" සම්බන්ධතාවයකි. පියල් තුල අමා කෙරෙහි පවතින මුල් හැඟීම අනිකක් වුවත් අමා තුල පවතින හැඟීම මුල සිටම "මාතෘ" රූපීය.

සිද්ධි ගැලපීම දෙවනුවට ගත හැක. අමාගේ ගබ්සාව සිදුවීමට පෙර සල්ලිවලට ගාළු කොටුවෙන් මුහුදට පනින කොලු ගැටයන් සමග බැඳෙන අවිනිශ්චිතතාවය අමාගේ සැඟවී සිට අවසාන ජවනිකාවෙන් එලියට පනින රෝගය සහ මුල් අර්ධයේ ප්‍රකට වන තරන්තිනෝ ලක්ෂණය ඒ යටතට දැමිය හැකිය.

අවසානයේ නදීගේ චරිතයයි. නදීගේ චරිතයට නදීක ගුරුගේ තෝරාගත්තේ ඇයිද යන්න ලියුම්කරුට තාම ගැටළුවකි. කෙසේ වෙතත්. නදීගේ චරිතයට නදීක ගුරුගේ විසින් කෘතිමත්වයක් ආරූඪ කරයි. එය අධ්‍යක්ෂකගේ වරදක් හෝ අමාට හා පියල්ට නදීව යටවීම නිසා සිදුවන්නක් විය හැක. කෙසේ වෙතත් ඒ චරිතය නදීකගෙන් නියම ආකාරයට එලියට එන්නේ නැත.

කෙසේ වෙතත් කර්ම නැරඹිය යුතු චිත්‍රපටි ගණයට මම ඇතුලත් කරමි. සිරා කියලා කට ඇර කිව නොහැකි වුවත් කර්ම හොඳ චිත්‍රපටියකි. මේ ලිපිය හුදෙක්ම එය නැරඹීමට කරන අනුබලයකි.

5 ගල්මුල්:

කර්ම බලන්න තියන ආසාව යටපත් කරන ප්‍රධානම සාධකය මට විවේකයක් තියන වෙලාවල ඉන්න තැන්වලට කිට්ටු සිනමා ශාලා වල තියන අන්ත කණගාටුදායක තත්වය. චිත්‍රපටියක් හරියට රසවිඳින්න පුලුවන් එක සිනමා මණ්ඩලයක සිනමා හල් වල විතරයි (සිංහ්ල චිත්‍රපටි තිරගත වෙන )

බලන්න හිතං ඉන්න නිසා මම විවේචන එකක්වත් කියවන්නෙ නෑ... මොකද බං මේ ලියුම්කරු කියන @$^%^$% එකා.. ඕක පත්තරවල මෙලෝ රහක් නැති උන් පාවිච්චි කරන වචනයක්... නෙට් එකට මොකටද ඔය මල විකාර... අත දිගෑරල ලියපංකො මමයි අරුයි ගියා කියල :P

@හරේ - ඒක මේ පොඩි ආතල් එකටත් එක්ක ලිවුවේ.. එහෙම ලිවුවාම නිකං ඒ මම නෙමෙයි වෙන මොකෙක්හරි කියලා තේරෙන්නේ.. මේ වගේ ඒවා ලියනකොට එහෙම තේරෙන එක හොඳයි. උඹත් ලියලා බලපන්..

@බුවා.. මචං සිරාම කියලා කියන්නේ නෑ.. ඒ වුනාට ලංකාවේ ඔය වගේ චිත්‍රපටි එන්නේ කාලෙකට සැරයක්.

කර්ම තුල මිෂෙල් සමඟ රංගනයේ යෙදෙන නදීක ගුරුගේ ගේ ස්වාභාවිකත්වය පවතින්නේ ඔහුගේ සංගීතය මත මිස ඔහුගේ රංගනය මත නොවන බව මගේ මතයයි. සංකීර්ණ මනෝභාවයන් සිනමාත්මක කිරීමේදී සහ ඒවා විඳීමේදී ලාංකිකයා දක්වන කොදෙව් මානසික භාවයන් තුල සහ ඔහු හෝ ඇය ඒ කෘතිය වින්දනය කරනා ආකාරය තුල අදියුරුගේ කාරණාව බුදුවන්නට තිබෙනා ඉඩප්‍රස්තාව ඉතා ඌණය. බහුතරයක් සිනමා ලෝලීන් කර්ම කරුමයක් ලෙසින් දකින්නේ එහෙයිනි.., ප්‍රබුද්ධ හේතුපාඨයන් ජනගත කිරීමේදී මෙසිරිලක තුල අනුගමනය කලයුතු ක්‍රියා විදි ක්‍රම බටහිර රටකට වඩා බෙහෙවින් වෙනස් ය. මක් නිසාදයත් තමන්ට නොවැටහෙන යම් දෙයක් කියන්නෙකු වේ නම් උහු උමතුවෙන් කියවන්නෙකු ලෙස හඳුන්වන්නට ලාංකිකයා එදා සිට ම සමර්තයෙකු වන බැවිනි.

මට මෙහෙම හිතෙනව ලිෂාන්

රන්සළු
දෙලොවක් අතර
තුන්වෙනි යාමය
කැඩපතක ඡායා
අයෝමා

මෙව්වායෙත් සංකීර්ණ මනෝ භාවයන් නේද පෙන්නුවේ
ඒවායේ සිනාමාත්මක බව රස වින්දනාත්මක බව අඩුවක් නැතිවම තිබ්බා නේද හැබැයි?
නිර්මාණ දෙකක් සැසඳිය යුතු නැති බව හැබෑය. ඒත්....

Post a Comment