සමාජීයජාල එකතුවට

අවැසි ලිපි සොයනු පිණිස

Apr 2, 2012

අපිත් දැකපු අජිත්..

අජිත්, ඔබ සංගීතය ඉගෙන ගත්තෙක් නම් අජිත් කියන්නේ බෙලෙක් කටහඬක් තියෙන පද හසුරුවාගන්න බැරි ගායකයෙක්.. ඔබ සංගීතය ඉගෙන ගත්තෙක් නෙමෙයි නම් අජිත්ව කියවන්න අජිත්ට සවන්දෙන්න හරිම ලේසි වෙන්න ඉඩ තියෙනවා.. ඔබ සංගීතය දන්නවානම් කරුණාකර දන්න සංගීතය අමතක කරලා අජිත්ට සවන්දෙන්න.

අජිත්ව වෙලාවකට මියුරු කටහඬවල්වලට අභියෝගයක්. චර්යාත්මක පද වැලකට අජිත් විරිත්තනවා. හැබැයි ඒක ඇතුලේ අජිත් අජිත්ගේ දේශපාලනයක් සහ අජිත්ගේ කලාවක් ගොඩ නංවනවා.

හේයි ජිනීවා
අපි දැන් මරන්නේ නෑ
අපි දැන් කනවා විතරමයි. 
පාර්ලිමේන්තුව ඇතුලට සඳපායනවා..
සඳ එලියට පිස්සු හැදිලා බල්ලෝ බුරනවා..
සිංහ පැටවු වාගේ බුරනවා. 
No More Marx එක්ක අපි වින්දනය කරන කලාව ගැන අපිටම අවුලක් ඇතිවෙනවා. ඒක විසඳගන්න බැරි අවුලක්. ඒක නිකං හරියට අර අජිත්ගේ පලවෙනි අදියර ඉවරවෙලා දෙවනි අදියරට වෙනකම් අතර කාලයේ සින්දු දෙකක් ගහපු බෑන්ඩ් එක වගේ. අජිත්ගේ සින්දු තුන හතර අහලා ඒකට මාරුවුනාම ඒක තවටිකක් කැපිලා පේන්න ගන්නවා. ඒක අජිත්ගේ වෙනස තවත් කැපිලා පෙන්නන්න කරපු උප්පරවැට්ටියක් වගේ..

අපි කලාව ඇතුලේ හොයන දේශපාලනය අජිත්ගේ පද වැලි අතරේ අජිත් ගායනයේ තිබුනා.

කොහොමත් අජිත්ව විඳිනවානම් අපි සංගීතය කියන එක ඇතුලේ වර්තමානයේ ඉන්න රාමුවෙන් එලියට පනින්නම වෙනවා. එහෙම නැත්නම් අජිත්ව හරියන්නේ නෑ..

අජිත් ගැන මට හිතුනේ මෙහෙමයි. මේකත් No more Marx බලලා ඒකෙන් ආපු මෙව්වා එක පිටකරන්න ලියපු එකක් කියලා වර්ගීකරණය කරලා දාන්න පුළුවන්.. කවුරු කොහොම කිව්වත් අජිත් අනික් අයට වඩා වෙනස්. ඒ විඳීම වෙනස්.. ඒකට මම කැමතියි..

ප.ලි. - මේ තියෙන්නේ තව බලපු එකෙක්ගේ අදහසක්.. වෙලාව තියෙනවානම් ඒකත් බලන්න..

1 ගල්මුල්:

සාමාන්‍ය ව්‍යවහරයේදි අජිත් කියන්නෙ සින්දුය කියල කිව්වට ඇත්තටම ඒව සින්දු කියන කැටගරියට දාන්න බැරි තරම්... අඩු ගානෙ ලංකාවෙදි සින්දු කියල හැදිල තියෙන රාමුවට අජිත්ගෙ සින්දු යන්නෙම නෑ. ඒ නිසාමයි අර චමිල කිව්ව වගේ අජිත්ගෙ ඕඩියන්ස් එක ලිමිට් වෙන්නේ. එයිනුත් සල්ලි ගෙවල කොන්සට් එක බලන්න යන්නෙ හොඳම උණ කාරයො.

අජිත් කරන්නෙ අපේ ප්ලග් ගැලවීමක්. අපි නොදන්න ගොඩක් පොයින්ට් වලට ප්ලග් වෙලා ඒ වයර් එකේ දිගට සමාන අරයක විතරක් තියෙන අපේ රසවින්දනය අජිත් විසින් විනාශ කරල ආයෙමත් හදනවා. මම කියන්නෙ ලංකාවට අදාලව විතරයි. සිංහල සින්දු විතරක් අහන එකෙක්ට ඔය ප්ලග් ගලවගන්න ඕන නම් ක්ලැසික් වර්ගයේ රොක් වුණත් ඇති හොඳටම. ඒව දැණෙන විධිය අඳුනගැනීම තුලනේ ඔය පරාසය පුළුල් වෙන්නේ. හැබැයි ඒක ලංකාවෙදි මෙහෙමවත් එලියට එන්නෙ අජිත්ගෙන් විතරක් වීම නිසා ලංකාවෙදි සිංහලෙන් ඔළුව කරකවාගන්න තියෙන සංගීතමය අවස්ථාව අජිත්. (ඒක කරන වෙන උන් නෑ කියන්නෙ නෑ.)

ඔය පදවැල් වල කතාව කියපු නිසා ඒ ගැන හිතුවොත් මම දකින්නෙ අජිත්ගෙ සින්දු වල ඔරිජිනල් එකක් නැති වීමයි. පදවැල් වුණත් සංගීතය වුණත් පේලි අතරෙ පද බෙදෙන විධිය වුණත් ඔරිජිනල් නෑ. යූ ටියුබ් එකේ තියෙන ගොඩක් සින්දුත් කිසිම විධිමත් පටිගතකිරීමකට ලක් නොවුණ ෆෝන් කැමරා වලින් කරපුවා. අපි ඔරිජිනල් විධියට දකින්න කැමති වෙන්නෙ මොනව වුණත් අජිත්ට එහෙම එකක් නෑ. ඒ නිසාම යූ ටියුබ් එකේදි මම හොඳට පට්ට ගහපු සින්දු පවා කොන්සට් එකේදි මට අළුත් වුණා. කොහොමත් කොන්සට් වලදි මම වචන වලට වඩා සංගීතෙට තමයි ගැටගැහෙන්නේ. ඒ නිසාම අර අතරමැද බෑන්ඩ් එකේ සින්දු කීපයත් මියුසිකලි මට අවුල් වුණේ නෑ. නමුත් අපි කතා කරපු “උන්වත් උන් කරපු දේ නොදැනීම” කියන එක මම හිතන්නෙ මටත් දැණුනා. අජිත්ව මට උන්ගෙන් වෙනස් වෙන්නෙ ඒකෙන්.

හැබැයි අර ප්‍රසන්න අංකල්ගෙ සින්දුව නම් සුපිරි!

මේක සහ චමිලගෙ එකට දාපු එක මම පෝස්ට් එකක් විධියට දානව. ආයෙ ටයිප් කරන්න කම්මැලියි බං :-|

Post a Comment