කළුතරට නුදුරුව කළුගල් මෝලකි. එය කොටුවේ වෙරල ගොඩ කිරීමට ගෙන එන කළුගල් නැවට පටවන ස්ථානයයි. රෑ ජාමේ පුරු එතැන් සිට කිලෝමීර පහක් පමණ ඈතින් සිටින අපට කළුගල් පටවන හඬ ඇසේ. ලඟ සිටින මිනිසුන්ට කුමක් සිතෙනවා ඇද්ද?
බම්බලපිටියේ සිට මතුගම බලා දිවෙන බසයකි. ඇඟිල්ලක් ගසන්නට ඉඩ නැත. රියදුරු තැන තවත් මගීන් 20 පමණ ගැනීමට රත්මලානේ නතර කරයි.
පිටිදුවේ සිරිධම්ම හිමියන් සකෘදාගාමී හෝ අනාගාමී වී ඇත. තව නොබෝ දිනකින් එතුමා රහත් වනු ඇත.
එක් මාධ්‍යයක් දුමින්ද සිල්වා වැරදියැයි කියයි. තවත් මාධ්‍යයක් වෙන එකක් කියයි. රජයේ මාධ්‍ය වෙනම කතාවක් කියයි.
සියළු රූපවාහිනි චැනලවල රාත්‍රි 8 පසූවීමෙන් පසු ප්‍රවෘත්ති රියැලිටි හා මෙගා ටෙලි විකාශය කරයි..ඉහත පෙන්වාදුන් කාරණාවල පවතින සමානකම කුමක්දැයි විමසුවොත් දිය හැකි පිලිතුර වන්නේ අවස්ථා සියල්ලකදීම සමාජයේ ජීවත්වන මිනිසුන් බල්ලාට දමා ඇත කියාය. බස්රථයක ගියත් මේ යන්නේ මිනිසුන් යැයි හැඟීමක් නැත. බස් රථයේ යන මිනිසුන් ගෙදර ගිය පසු ඒ දෙයම තවත් මිනිස් කොට්ඨාශයකට සිදුකරයි. එයට විරුද්ධ වන්නා දෙස බලාගෙන අනෙක් මිනිසුන් දත නියවයි. මේ ලංකාවේ හැටිය. ලංකාවේ වෙසෙන්නන්ට අයිතිවාසිකම් නැත. එක්කෝ ඒවා උන් විසින් අහිමි කරගෙන ඇත. නැත්නම් කවුරුන්හෝ ඒවා අස්ථානගත කර ඇත.
ලියුම්කරු ලඟදී ගිය දේශනයක රසවත් කතාවක් ඇසුවේය. දකුණු ආසියානු රටවල් වල මිනිසුන් තරම් පද්ධතියට හුරුවූ මිනිසුන් කොහේවත් නැත. ඔහු එයට උදාහරණ කර පැවසුවේ ඇම්බියුලන්සයක් මගදී නැවතී එය පණගන්වන්නට එයට තල්ලු දමන රෝගියෙකි. එතරම්ම හෝ ඊට මදක් අඩුවෙන් අපි මේ පද්ධතියට හැඩ ගැසී අපව ගොන්පාට් කරන්නට ඉඩදී ඇත.
ලිපිය අවසාන කරමි. මෙහි අරමුණ පද්ධතිය වෙනස්කිරීමවත් හෝ අදාල සිද්ධි නැවැත්වීම නොවේ. මෙය ලියැවෙන්නේ ඒවා එසේ වෙන බව දැන දැන නොලියා සිටීමේ නොහැකියාව නිසාවෙනි...
සමාජීයජාල එකතුවට