මිනිසා සත්වයෙකි. එනම් ඔහුද බිහිවන්නේ අනෙක් සතුන් මෙන් තිරිසන් මනසක් උරුම කරගෙනය. විවිධ කාලයන් හිදී මිනිසාගේ සාමාජීය වීමත් එහි පවතින ගැටළු වලට එරෙහිව සාමාජීය විප්ලවයන් ලෙස දැනට පවතින් ආගම්වල මූලය සිදුවී ඇත. බුද්ධාගම සහ ඉස්ලාම් ආගම එසේ බිහිවූ ආගම් වලට උදාහරණයන්ය. මූලිකව ලියුම්කරුට අනුව අදාල දර්ශනය වටා එක්රොක් වන ශ්‍රාවකයන් නිසා ශාසනයක් ඇතිවේ. ශ්‍රවකයින්ට අනුව අදාල දර්ශනය වෙනස් වී. එය නීතිරීති සමුදායක් සමග ආගමක් බවට පත්වීම සිදුවී ඇත. අපි උපදින විට අපිට ආගමක් හිමිවන්නේ එහි අතුරුඵලයක් වශයෙනි.
කතාව මෙසේ වුනත් සෑම මිනිසෙකුටම ආගම ඇදහීමේ අයිතියක් ඇත. අදාල දර්ශනය ප්‍රශ්න කිරීමකින් තොරව ආගමක් ඇදහීම ලියුම්කරු විශ්වාස නොකලත් ආගමක් ඇදහීමේ පුද්ගලික නිදහස ලියුම්කරු අගය කරයි. ඉහත කරුණේ ප්‍රතිඵලයක් ලෙස ආගම් කිහිපයක් ලෝකය තුල බිහිවන අතර ඒ තුල මිනිසුන් බෙදීගොස් බෙදුම්වාදයක් ඇරඹී ඇත. ආගම යනුවෙන් ලියුම්කරු හඳුන්වාගන්නා කරුණ මෙයයි.
ලියුම්කරු මෑත දිනයක් කූරගල ගියේය. කූරගල බලන්ගොඩ සිට කල්තොට පාරේ කිලෝමීටර් 22 එසේත් නැතිනම් තණමල්විල හම්බේගමුව සිට කිලෝමීටර 40 පමණ දුරින් පිහිටි ශුෂ්ක කලාපයට අයත් ගම්මානයකි. බලන්ගොඩ සිට කල්තොට මාර්ගයේ කිලෝමීටර් 22 ගිය තැන තැන්න හමුවේ. කූරගලට ලඟාවීමට නම් තැන්නේ සිට කිලෝමීටර දෙකක් ඇතුලට ගමන් කල යුතුය. කූරගල චාරිකාව ගැන සවිස්තරාත්මක විස්තරයක් වැප් විසින් සටහන් කර ඇති බැවින් ඒ පිලිඹඳව දීර්ඝ ලෙස කතාකිරීම නිශ්ඵල බැවින් ලියුම්කරුට හුදෙක් කූරගල ගැන දැනුන දේ මෙම ලිපියට එකතු කරමි..
ආගමික හා ශාසනික ඇසකින් බලනවිට කූරගලින් සිදුවී ඇත්තේ බෞද්ධයින්ට අසාධාරණයකි. එයට වගකිව යුත්තේ පුරාවිද්‍ය දෙපාර්තමේන්තුවය. කූරගල පුරාවිද්‍යා භූමියකි. එය තුල පුරාවිද්‍යා ගවේෂණ සඳහා බාධාවන සියළු ඉදිකිරීම් ඉවත් කල යුත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවයි. කොටින්ම අපි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පර්යේෂන එහි පැවැත්වෙන බවක් නොදුටුවෙමු. නමුත් අපිට නොපෙනී පර්යේෂණ පැවැත්වුනාද යන්න පිලිඹඳ ලියුම්කරුට විශ්වාසයෙන් කිව නොහැක. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ පිළිඹඳව පියවරක් නොගතහොත් ඊළඟට සිදුවන සිද්ධි පිලිඹඳ වගකීමට සිදුවන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටය.
දෙවනි කරුණ මෙය බෞද්ධ සිද්ධස්ථාන ගණයට වැටෙන්නේ නම් බෞද්ධයන් කූරගල වන්දනාවට යා යුතුය. කෙසේ වෙතත් අපි ගිය දිනය තුල මුස්ලිම් නඩ කිහිපයක් දුටු නමුත් බෞද්ධ නඩයක් නම් දුටුවේ නැත. බෞද්ධ නඩ නොයාම යනු කූරගල යාමට බෞද්ධයන්ට වුවමනාවක් නැති කම ප්‍රදර්ශනය කිරීමකි. එය එසේනම් අදාල අවශ්‍යතාව ඇති පුද්ගලයින්ට එය බාරදීමට බෞද්ධයින්ට සිදුවේ. ඒ මන්ද යත් අනවශ්‍ය දෙයක් අයිතියේ තමා ගැනීම නිශ්ඵල ක්‍රියාවක් නිසාය.
ආගමක් අනවශ්‍ය බව සැබෑය. ඒත් ආගම යනු මිනිස් අයිතිවාසිකමකි. කූරගල එරෙහිව හඬ නගනා උන් ඊට පෙර කූරගල අපිට ඇත්තටම අවශ්‍යදැයි නිශ්චය කරගත යුතුය. ශ්‍රී පාදය තුල බහුලව පවතින්නේ බෞද්ධ පන්සල් සහ හින්දු දේවාල පමණක් වුවත් මුස්ලිම්වරුන්ද ශ්‍රීපාදය වන්දනා කරයි. ඒ ඔවුන්ට ආගමිකව ශ්‍රීපාදය අවශ්‍ය නිසාය. බෞද්ධයින් වුවද කූරගල අවශ්‍යතාවය තේරුම් ගත යුතුය. එවිට කූරගල බහු ආගමික ස්ථානයක් ලෙස පැවැත්මක් පවතිනු ඇත. බෞද්ධයින්ට බෞද්ධ ඉතිහාසය හා ඉස්ලාම් ලබ්ධිකයින්ට ඔවුන්ගේ ඉතිහාසය කූරගලින් ලිවිය හැකි වනු ඇත්තේ එවිටය. ලියුම්කරුද සිටින්නේද ඒ අදහසේය.
ගැටළුව මගහැරිය හැකි එකට තැන වන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවයි. කෙසේ වෙතත් ඉස්ලාම් අයිතිය ගැන බෞද්ධයින් ප්‍රශ්න කරන්නේ නම් එය විසඳීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු කාර්යයකි. මෙහි ආරවුල විසඳිය හැක්කේද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටය.
එසේනම් මෙය ආගම් දෙකක් මරාගන්නා තත්වයට මුල් අදින තෙක් නොසිට සුදුසු විසඳුමක් විවේචන අපි විසින් බලාපොරොත්තු වෙමු...
සමාජීයජාල එකතුවට