වගීෂ යනු අරවින්ද යැයි මා නොකියමි.
ඒත් වගීෂ යනු අරවින්ද නොවේ යැයිද මා නොකියමි.
වගීෂ ලිපියක් නිසා සිය ආදරය වල දැමිය යුතු යැයිද කියා මා නොකියමි.
ඒත් එසේ නොකල යුතුයි කියාද මා නොකියමි...
සමනල සංධ්වනිය බැලීමට චිත්‍රපටි ශාලාවට අඩිය තියන්නේ මහත් බලාපොරොත්තුවකිනි. ඒ කිසිවක් නිසා නොව හුදෙක් ජයන්ත චන්ද්‍රසිරි කියන නම හා බැඳුනු හොඳ තත්වයේ චිත්‍රපටි අප මීට කලින් නරඹා ඇති නිසාය. වාසනාවකට එය වෙනස් නොකර නැවතත් ජයන්ත චන්ද්‍රසිරි දුටුගැමුණු චිත්‍රපටි ශාලාවලට නොදමා සමනල සංධ්වනිය දමා ඇත.
බෝඩිමේ අයියා පෑන්ටි සහ බ්‍රා හොරකමේ නොයන්නට කොහෙන්ද පාත්වුන පොන්සි තගාලා දෙන්නෙක් කුමාරි පාක් එකට නොයන්නට, නරඹන්නගෙන් වාගීෂට ලැබෙන අසාමාන්‍ය චියර් එක නැත්නම්, සමනල සන්ධ්වනියේ අඩුපාඩුවක් කීමට තරම් දෙයක් මට ඉඩ ඉතුරු නොවනු ඇත. රේවතට පෙම් බඳින පුන්‍යාගේ ලිපියේ අතරමං වෙන වාගීෂ සහ සංගීතඥයෙකු බවට පත්වූ වාගීෂ අහසට පොලව මෙන් වුවත් ඔවුන් දෙදෙනාම ජීවත් වෙන්නේ පුන්‍යා පිලිඹඳ වූ මතකයන් තුලය.
වැඩි වැල්වටාරම් අවශ්‍ය නැත. ජීවිතය යනු අරමුණු රාශියක එකතුවකි. අපි ජීවත් වන්නේ ඒ අරමුණු ඔස්සේය. ඒ අරමුණක් බිඳ වැටීමෙන් සිදුවන ඛේදවාචකය සමනල සංධ්වනියේ කතා වස්තුවයි. වේදනාව යනු සෞන්දර්යකි. ඒ සෞන්දර්ය විවිධ ආකාරයට එලිබසී. වාගීෂගේද ගීත තුලින් එලි බසින්නේ එයයි.
විටක මට කේමදාසගේ වියෝවෙන් ජයන්ත චන්ද්‍රසිරි ගේ අවසානය සිදුවේ යැයි බියක් තිබුනි. නමුත් දැන් ඒ බිය නැත. දර්ශන වැඩ්ඩෙකි.
සමනල සංධ්වනියට බැලිය යුතුය, ඒ තවත් කාලයකට මේවැනි චිත්‍රපටයක් අපේ චිත්‍රපටි ශාලාවකට පැමිණෙතැයි මා විශ්වාස නොකරන නිසාය.
පලි - මට තව ටිකෙන් පුන්‍යා අමතක වන්නට තිබුනි. පුන්‍යාගේ චරිතයට යශෝධා නැත්නම් කවුද ගන්නේ කියලා හිතුවොත් ඔබට නමක් නොහිතෙන ගානට යශෝධා මරුය. තලත්තෑනි පුන්‍යා කුමාරි පාක් එකේදී වාගීෂ හමුවන්නේ අපිට මුලින් හමුවූ පුන්‍යාට අවුරුදු විසි එකකට පසුවය. ඒ වෙලාවේ මගේ හෘදය වස්තුවේ ස්පන්දන වේගය වැඩි කරන්න යශෝධා සමත් නොවුනායැයි කිව්වොත් බොරුවකි.

සමාජීයජාල එකතුවට