බ්ලොග්කරණය කලාවක්ද?

ලියුම්කරුට අනුව නම් කලාව යන්න අර්ථදක්වාලිය හැක්කේ කිසියම් රසවින්දනාත්මක මෙහෙවරක් ඔස්සේ රසවින්දනාත්මක කර්තව්‍යයක් ඔස්සේය. පුවත්පත් කලාවේදියෙකු, ගත්කතුවරයෙකුගේ කාර්යභාරය කුමක්ද ඒ හා සමගාමීව බ්ලොග්කරුවන්ට නියමිත සමාජීය වගකීමක් සහ රසවින්දනාත්මක කෘත්‍යයක් ආරෝපනය වේ. එය එසේ ආරෝපනය වන්නේ කෙසේද යන්න මෙම ලිපියේ සෙසු අන්තර්ගතය ඇසුරින් පහදාදීම ලියුම්කරුගේ අරමුණයි...

වැඩි දුරට..

සමාජීයජාල එකතුවට

අවැසි ලිපි සොයනු පිණිස

Nov 5, 2012

කර්ම කරුමයක් නොවේ..

සිනමාහල මහරගම නැෂනල්ය. චිත්‍රපටයක් බැලීමට තරම් සුදුසු තත්වයේ සිනමාහලක් නොවූවත් යාම් ඊම් පහසුකම නිසා කර්ම බැලීමට නැෂනල් තෝරාගත්තේ ලියුම්කරු සහ තවත් මිතුරෙකි.

කර්ම යනු අපි බොහෝ චිත්‍රපටවල දැක ඇති තේමාවකට අනුකූලව නිර්මානය වූවකි. කෙටියෙන්ම කිවහොත් කර්ම අපි කලින් බලා ඇති චිත්‍රපටි දෙක තුනක එකතුවකි. නමුත් ප්‍රසන්න ජයකොඩි කර්ම තුලින් ගෙන එන සාධකය හෙවත් මෙව්වා එක එතරම් හොඳ තත්වයෙන් එලියට දැමිය හැක්කේ ප්‍රසන්න හැරුණුකොට තව කිහිපදෙනෙකුට පමණී.

චිත්‍රපටිය ආරම්භ වන්නේ අන්ත දෙකකිනි. එය පියල්ගේ අන්තය සහ අමන්දාගේ අන්තය ලෙස වෙන්කරගත හැක. කර්ම කතාව තුල විවේකය දක්වා "තරන්තිනෝ ලක්ෂණය" ප්‍රකට වේ. නමුත් අන්ත දෙක විවේකයේදී එකතු වේ. පියල්ට අමාගෙන් ලැබෙන්නේ පියල්ට නොලැබෙන කාමයයි. එය අමන්දාගේ ගීත ගායනයකට සවන්දීමෙන් අමා නානවිට අමාගේ නානකාමරය තුලින් එන ජලයට කකුල තැබීමෙන් සංසිදවන්නේ නැත. පියල් අමාගේ කාමරයට එබී බෙල්ල කඩාගන්නේ ඒ නිසාය.

අමාගේ අන්තයේ පියල් තවත් එක් පොඩි එකෙක් පමණකි. අමා හුදකලා යුවතියකි නදීගෙන් කාමයට වඩා යමක් ලැබෙන්නේ නැත. අමා ඒ රැකවරණය සොයන්නේද නැත. නමුත් පියල් එන්නේ මොකාටද කියා අමා දනී. අමාගේ පාර්ශවයෙන් පියල් යනු පොඩි එකෙකි. එය මානුෂීයය. අමා පියල් සමග සංවාසයේ යෙදෙන්නේද එම මානුෂික සම්බන්ධතාවය නිසා විය යුතුය. අමාගේ අන්තයෙන් බැලූ කල අමා පියල් සම්බන්ධතාවය තරමක් සංකීර්ණය.

පියල්ට සිය මව මගහැරේ. අවුරුදු 25 තරුණයෙක් පියා සමග පවතින අරගලය පියල්ටත් පවතී. එය සිය මවගේ මරණය ගැන වරද පියල් විසින් පියාගේ පිට පැටවීම මත දෙදෙනාගේ ඇතිවන මත ගැටුමක් ලෙස ප්‍රසන්න පෙන්වා දේ. කෙසේ වෙතත් පියල්ගේ සිය මවගේ මරණය පිලිඹඳ වරදකාරී හැඟීමක් පවතී. එය අවසානයේ අමන්දාගෙන් සමනය කරගැනීමට පියල් විසින් උත්සාහ කරයි.

කර්ම තුල ලියුම්කරු ආසා කරණ විශේෂ ලක්ෂණ කිහිපයකි. අමාගේ චරිතයේ විහිදීම ඉන් ප්‍රධාන වේ. අමා කොලඹ ඉංග්‍රිසි කතා කරන පරපුර නියෝජනය කරයි. අමා ස්වාධීනය. නදී අමා හැරගිය විටත් අමා විසින් පියල්ට දුක ප්‍රකාශ නොකරන්නා සේම පියල් අමා සම්බන්ධතාවය "ඉලෙක්ට්‍රා" සම්බන්ධතාවයකි. පියල් තුල අමා කෙරෙහි පවතින මුල් හැඟීම අනිකක් වුවත් අමා තුල පවතින හැඟීම මුල සිටම "මාතෘ" රූපීය.

සිද්ධි ගැලපීම දෙවනුවට ගත හැක. අමාගේ ගබ්සාව සිදුවීමට පෙර සල්ලිවලට ගාළු කොටුවෙන් මුහුදට පනින කොලු ගැටයන් සමග බැඳෙන අවිනිශ්චිතතාවය අමාගේ සැඟවී සිට අවසාන ජවනිකාවෙන් එලියට පනින රෝගය සහ මුල් අර්ධයේ ප්‍රකට වන තරන්තිනෝ ලක්ෂණය ඒ යටතට දැමිය හැකිය.

අවසානයේ නදීගේ චරිතයයි. නදීගේ චරිතයට නදීක ගුරුගේ තෝරාගත්තේ ඇයිද යන්න ලියුම්කරුට තාම ගැටළුවකි. කෙසේ වෙතත්. නදීගේ චරිතයට නදීක ගුරුගේ විසින් කෘතිමත්වයක් ආරූඪ කරයි. එය අධ්‍යක්ෂකගේ වරදක් හෝ අමාට හා පියල්ට නදීව යටවීම නිසා සිදුවන්නක් විය හැක. කෙසේ වෙතත් ඒ චරිතය නදීකගෙන් නියම ආකාරයට එලියට එන්නේ නැත.

කෙසේ වෙතත් කර්ම නැරඹිය යුතු චිත්‍රපටි ගණයට මම ඇතුලත් කරමි. සිරා කියලා කට ඇර කිව නොහැකි වුවත් කර්ම හොඳ චිත්‍රපටියකි. මේ ලිපිය හුදෙක්ම එය නැරඹීමට කරන අනුබලයකි.

Jul 24, 2012

ඔච්චරයි..

මේක ගැන වැඩිය ලියන්න දෙයක් නෑ.
ලියන්න තියෙන්නේ මෙච්චරයි.
බ්ලොග් අස්සේ හොඳම යාළුවෝවත් කාගෙවත් බිස්නස් පාට්නර්ලාවත් නෑ.. 
කාගෙවත් රෙකමදාරුත් තියෙන්න විදිහක් නෑ. 
ඒ වගේ කතා වලට අහුවෙලා
අමාරුවේ වැටිලා. 
අඬනකොට කඳුලු පිහිදානවා ඇරෙන්න. 
වයර් වල සීමාව ඇතුලේ කරන්න පුළුවන් දෙයක් නෑ
ඒක නිසා මතක තියාගන්න
සයිබර් මිතුරන්ට ණයට දීමෙන් මුදලත් මිතුරාත් 
දෙකම නැතිවීමට ඉඩ තිබේ.. 

Apr 20, 2012

සුනාමි අනතුරු හැගවීමෙන් අත්දකින ලද දෙයින් උපන් ලියවීමකි

සහෘදය,

අනපේක්ෂිත මොහොතක ස්වභාව ධර්මය නැවත වතාවක් අපට අපූරු පනිවුඩයක් රැගෙන ආ බවත් එහි බියකරු අත්දැකීමක් ගැබ්ව තිබුනු බවත් අප කාටත් අමතක කල නොහැක. ඉන්දුනීසියාව ආසන්නයේ සිදුවු භු චලනයක් හේතුවෙන් ලංකාවේ වාසය කරන අපවද දෙදරාගිය(වාසස්ථාන පිටින්ම සෙලවුනු) සිදුවීම තනි තනි ලෝකවල් නිර්මාණය කරගන්නට ආත්මාර්ථකාමී සිහින දකිමින් සිටින කාටත් ලෝකය තනි යායක්ය යන කියමන ඇත්තක් බව නැවතත්, නැවත නැවතත්  තහවුරු කරගන්නට අවශ්‍යනම් හොද අවස්ථාවකි. මහද්වීප තටාක ගැන නොදන්නා බහුතර සමාජ සත්වයින් පරචස් 10 යේ ඉඩම්කැබලි වල තමන්ගේ රාජධානිය නිර්මාණය කරන්නට උත්සහ දරන්නේ කුණුගොඩවල් දහයක් පහලවක් උනත් පසුකර ගමන්කරන්න සිදුවුවද ඒ ගැන හෝ තමන් අවට පරිසරය ගැන හෝ වගේ වගක් නැතිවය. මේ නිසා සුනාමිය යනු මිනිස් සමාජයට තමතමන් ගැන සිතා බලන්නට තමන්ගේ පටු ලෝකවල් පිලිබදව ලැජ්ජාවීමට මෙන්ම පොදු සමාජයට පිටින් තම ජීවිතය පිලිබද පමනක් සිතන ආකල්ප වල ඇති නිස්සාරභාවය පිලිබදව අපූරු පාඩමක් කියාදෙන්නට ස්වභාවධර්මය ගත් උත්සහයක් බව අපට මගහැරයා නොහැකි ඇත්තකි. එහෙත් මේ ඇත්ත තේරුම් ගැනීමට හැකි තරම් පලල් මනසක් හිමිව තිබෙන්නේ කීයෙන් කී දෙනාටද? එයිනුත් තම මනසට මේ කාරණය ඇතුල්කරගන්නේ කීයෙන් කී දෙනාද? මේ මානසික දුප්පත් කමෙන් මිදෙන තාක් කල්  සුනාමි එකක් නොව දහයක් ආවත් සමාජය මේ පාඩම නියම බරෙන් කියවා ගන්නේ නැත.

පසුගිය බදාදා(11) දින සවස 2.30 ට පමණ අප සිටි නිවාසය දෙදරන්නට වූ අතර පසුව කල සොයාබැලීමේදී අප නිවස අවට පරිසරය පමණක් නොව ලාංකේය භූමියේ සැලකිවයුතු ප්‍රමාණයකට මෙම දෙදරීම බලපාන්නට වූ බව දැනගන්නට ලැබුනි. මෙම දෙදරීමෙන් පසු වැඩිවේලා යන්නට මත්තෙන් සුනාමි අවධානම පිලිබද පුවත් සැලවෙන්නට වූ අතර ඉන් අනතුරුව මුහුද ආශ්‍රිත ජන ජීවිතය මෙන්ම සියලු රට වැසියන් සුනාමියක් පිලිබද තිගැස්මකින් යුතු ව යුහුසුලුව ක්‍රියාත්මක වන්නට විය.

ඒ ඒ පුද්ගලයා සතු ආර්ථික පදනම මත සුනාමියට මුහුණදීමට එකිනෙකා ක්‍රියාකලේ විවිධ තලයන් මත හිඳයි. එනම් සුනාමියට බියෙන් රටතුලට පලායන්නට යුහුසුලුවූ මිනිසුන් අතර ඇතැමෙක් තම සුඛෝපභෝගී වාහන ඒ සදහා උපයෝගී කොට ගත් අතර ඇතැමෙක් ත්‍රීවීල් රථවල නැගී ජිවිතය අපේක්ෂාවෙන් රට තුලට ඉගිලී ගියේය. තවත් සමහරෙක් මෝටර්සයිකල් මත නැගී තවත් සමහරෙක් පාපැදි මත නැගී  එම අරමුණ පෙරදැරිව මුහුද දෙසින් පලායන්නට විය. මේ කිසිදු ප්‍රවාහන පහසුකමක් නැතිව අසරන වූ  මිනිසුන් තම දෙපයින් ඇවිද ජීවිතය අපේක්ෂාවෙන් මහපොලොව තරණය කරන්නට විය.

මේ අතරතුර මහාමාර්ගයේ වාහන තදබදය වැඩිවන්නට විය. නැවත දැනුම්දෙන තුරු අධිවේගි මාර්ගය සියලු වාහනවලට අයකිරිමකින් තොරව විවෘතව පවතින බව විද්‍යුත් මාධ්‍ය හරහා රජය දැනුම්දෙන ලදි.ඉන්ධන පිරවුම් හල් අසල දිග වාහන පෝලිම් දක්නට ලැබුනි. ක්ෂණිකයෙන් විදුලිය විසන්ධිකරන්නට වූ අතර ඉන්ධන පිරවුම් හල් අසල වූ සියලු වාහන අපේක්ෂාභංගත්වයෙන් ඉදිරියට ඇදෙන්නට විය. අලුත් අවුරුද්දට විවිධ දේ මිලදී ගැනීම සදහා නගරයට පැමිණ සිටි මිනිසුන් ගැහැණුන් දරුවන් සමගින් බස්රථ පැමිණෙනු ඇතැයි මද වෙලාවක් බස් නැවතුම් පොලවල රැදී සිට අනතුරුව පයින්ම ගමන් අරඹන්නට විය.(මේ සියලු ක්‍රියාවන් මේ අයුරින් සිදුවන්නට අවැසි සමාජ ආර්ථික දේශපාලනික වටපිටාව නිර්මාණය කරන ලද්දේ (සුනාමිය හැර) වැඩවසම් මෙන්ම ධනවාදය මිශ්‍රවු පාලක යාන්ත්‍රයක අතීත හා වර්ථමාන ක්‍රියාදාමයට අනුව යන්න සදහන් නොකලහොත් එය මේ සටහනට කරන අවමානයකි.)

සිදුවීම් මේ ලෙස ගලන්නට වූයේ සියලු මිනිසුන්ට මුහුදට පිටුපා රටතුලට යන්නට අන්තීම නිවේදනයද නිකුත් වූ පසුවයි. දැන් කවුරු කවුරුත් තම හැකි පමණින් මුහුදු සිමාව හැරගොස්ය. ඉතිරිව ඇත්තේ ඉතා සිමිත පිරිසක් පමණි. ඔවුන්ද යුහුසුලුව ගමන්කරමින් සිටී. ඒ මුහුද ට පිටුපා රට තුලටය. එහෙත් මේ මොහොතේ තවත් විශ්මිත සිදුවීමක් සිදුවෙමින් පැවතුනි. ඒ මුහුද මතයි. ජීවිතයට ආදරය කරන සෑම සියලු දෙනාම මුහුදට පිටුපා ගමන් කරමින් සිටින විට මුහුද මත තම ජීවිත අවධානමක රදවා බහුදින ධීවර යාත්‍රාවල මෙන්ම එක්දින ධිවර යාත්‍රා වල නැග ගැඹුරු මුහුදට යාත්‍රාකරන මිනිසුන් දකින්නට ලැබීම ඇත්තෙන්ම ඇගකිලිපොලායන දසුනක් විය. එහෙත් ඒ දසුන මා දෑස් ඉදිරිපිට සජීවීවම මැවෙන්නට විය. නිර්භීත මිනිසුන් තම ජීවිත පරදුවට තබා  තමන් හම්බකරන් කන  ධීවර යාත්‍රා බේරාගැනීමේ අරමුනෙන් එම යාත්‍රා දියඹට පදවන ලදි.

ඉර රත්වී ගිනි බෝලයක් ලෙස බැසයන්නට සැරසෙන ඒ නිමේෂයේ අපේ නෙත් යොමුවුනේ ඒ නිර්භීත ක්‍රියාදාමය දෙසටයි. ඉර ක්‍රමක්‍රමයෙන් බැසයන තුරුත් අපේ නෙත් සොරාගත් ඒ දසුන හැකි පමණින් සොරාගන්නට මා වෑයම් කලෙමි. එමෙන්ම එම දසුන ඔබේ නෙතට දායාද කරන්නට මා උත්සුක වෙමි. මිනිසුන් මරණයට බිය බව බොහෝ දෙනා කියනා විට එම අදහසට පිටුපා තම ජීවිතයෙන් අභියෝග කල මිනිසුන්ගේ සජීවී භාවිතය මම ඔබ හමුවේ තබමි. එමෙන්ම මේ මිනිසුන් තම ජීවන කාලය තුල වඩා යහපත් සමාජයක් වෙනුවෙන් මේ පවතින විශම ක්‍රමයට පෙරලා දමන්නට මේ අයුරින්ම එක් පියවරක් තබන්නට තරම් පොහොසත් මනසකින් ක්‍රියාකරන්නට වූ යේ නම් මේ සමාජක්‍රමය පොඩිපට්ටම් කර වඩා යහපත් සමාජයක් නිර්මාණය කිරීම එතරම් අපහසු කටයුත්තක් නොවන බව මා හොදින් දනිමි. ඒ කාර්යය අප සතු වගකීමක් බව අවසාන වශයෙන් සටහන් තබමි.

ආදරයෙන්,
කුරා කුහුඹු මිනිසා.
2012.04.12
22.05 පැය

Apr 2, 2012

අපිත් දැකපු අජිත්..

අජිත්, ඔබ සංගීතය ඉගෙන ගත්තෙක් නම් අජිත් කියන්නේ බෙලෙක් කටහඬක් තියෙන පද හසුරුවාගන්න බැරි ගායකයෙක්.. ඔබ සංගීතය ඉගෙන ගත්තෙක් නෙමෙයි නම් අජිත්ව කියවන්න අජිත්ට සවන්දෙන්න හරිම ලේසි වෙන්න ඉඩ තියෙනවා.. ඔබ සංගීතය දන්නවානම් කරුණාකර දන්න සංගීතය අමතක කරලා අජිත්ට සවන්දෙන්න.

අජිත්ව වෙලාවකට මියුරු කටහඬවල්වලට අභියෝගයක්. චර්යාත්මක පද වැලකට අජිත් විරිත්තනවා. හැබැයි ඒක ඇතුලේ අජිත් අජිත්ගේ දේශපාලනයක් සහ අජිත්ගේ කලාවක් ගොඩ නංවනවා.

හේයි ජිනීවා
අපි දැන් මරන්නේ නෑ
අපි දැන් කනවා විතරමයි. 
පාර්ලිමේන්තුව ඇතුලට සඳපායනවා..
සඳ එලියට පිස්සු හැදිලා බල්ලෝ බුරනවා..
සිංහ පැටවු වාගේ බුරනවා. 
No More Marx එක්ක අපි වින්දනය කරන කලාව ගැන අපිටම අවුලක් ඇතිවෙනවා. ඒක විසඳගන්න බැරි අවුලක්. ඒක නිකං හරියට අර අජිත්ගේ පලවෙනි අදියර ඉවරවෙලා දෙවනි අදියරට වෙනකම් අතර කාලයේ සින්දු දෙකක් ගහපු බෑන්ඩ් එක වගේ. අජිත්ගේ සින්දු තුන හතර අහලා ඒකට මාරුවුනාම ඒක තවටිකක් කැපිලා පේන්න ගන්නවා. ඒක අජිත්ගේ වෙනස තවත් කැපිලා පෙන්නන්න කරපු උප්පරවැට්ටියක් වගේ..

අපි කලාව ඇතුලේ හොයන දේශපාලනය අජිත්ගේ පද වැලි අතරේ අජිත් ගායනයේ තිබුනා.

කොහොමත් අජිත්ව විඳිනවානම් අපි සංගීතය කියන එක ඇතුලේ වර්තමානයේ ඉන්න රාමුවෙන් එලියට පනින්නම වෙනවා. එහෙම නැත්නම් අජිත්ව හරියන්නේ නෑ..

අජිත් ගැන මට හිතුනේ මෙහෙමයි. මේකත් No more Marx බලලා ඒකෙන් ආපු මෙව්වා එක පිටකරන්න ලියපු එකක් කියලා වර්ගීකරණය කරලා දාන්න පුළුවන්.. කවුරු කොහොම කිව්වත් අජිත් අනික් අයට වඩා වෙනස්. ඒ විඳීම වෙනස්.. ඒකට මම කැමතියි..

ප.ලි. - මේ තියෙන්නේ තව බලපු එකෙක්ගේ අදහසක්.. වෙලාව තියෙනවානම් ඒකත් බලන්න..

Feb 8, 2012

සදා සොත්ථි භවන්තු තේ...

ගෞතම හෙවත් බෞද්ධයින්ගේ ශාස්තෘවරයානන් මංගල සූත්‍රය දෙසූ සේක. ආර්ය අෂ්ඨාංගික මාර්ගය දෙසූ දේක. කතිකාවට මූලය වන්නේ මෙම දේශනාවක් දෙකය.

ගෞතම ඉන්දියාව තුල පහල වන්නේ එකල තිබූ ආර්ය යනු ගණගෝත්‍රයේ තිබූ ඒකාධිපති බලතල වලට විරුද්ධව චින්තන විප්ලවයක් අවශ්‍ය නිසායැයි ලියුම්කරු තරයේ විස්වාස කරයි. ගෞතම උත්පත්තියට පෙර පස්මහ බැලුම් බලන්නේද ඒනිසාය. එකල තිබූ ආර්ය සිරිත් විරිත් වලට ගෞතම විසින් පහර එල්ල කරනුයේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය, සප්ත ආර්ය ධනය චතුරාර්ය සත්‍යය, යන මූලික සංකල්පයන් ඉදිරිපත් කරමිනි. මෙයට ආර්ය යන නම ඈඳෙන්නේද එකී සමාජ පසුබිම හේතුකොට ගෙනය. කොටින්ම කිවහොත් නියම ආර්යයා යනු මොහුය යනුවෙන් නව අරථකතනයක් හඳුන්වා දෙයි.

ගෞතම විසින් මංගල සූත්‍රය දේශනා කර ඇත්තේ එතුමා හමුවට පැමිණෙන දෙවියන් හට පිලිතුරු දේශනාවක් ලෙසය. එය මෙය කියවන්නාත් මමත් ඉගෙන ගෙන ඇති ප්‍රසිද්ධ කාරණයයි. එකල තිබූ ඇදහිලි වලට අනුව දෙවියන් යනු පොරකි. දෙවියන්ට ඕනෑ දෙයක් කල හැක. මංගල සූත්‍රයේ අරමුණ ලෙස ලියුම්කරු දක්වන්නේ දෙවියන් යනුද මිනිසෙකු බවය එසේත් නැතිනම් දුක්ඛ අනිත්‍ය අනාත්ම යන දර්ශනයට යටත් වන ජීවියෙකු බවය. ගෞතම මංගල කරුණු ලෙස කරුණු ගෙනහැර දැක්වීමක් සිදුකලේ එසේ දෙවියන් සහ මිනිසුන් යන කොඨ්ටාශ දෙකෙහි සුඛ විහරණය උදෙසා වැදගත් වන ක්‍රියා පිලිවෙත් පිලිඹද ජනයා දැනුවත් කිරීම උදෙසාය.

වටපිටාව සකසා අවසානය. දැන් ඇත්තේ ගැටළුවට අවතීර්ණ වීමය.
හින්දු විවාහ සිරිත් වල මූලිකව මංගල කරුණු කිහිපයක් සඳහන් වේ.


  • භූමි මංගලම්, උදක මංගලම්
  • අග්නි මංගලම්. වායු මංගලම්
  • ගගන මංගලම්. සූර්ය මංගලම්. 
  • චන්ද්‍ර මංගලම්. ජගත් මංගලම්.
  • ජීව මංගලම්. දේහ මංගලම්.
  • මනෝ මංගලම්. ආත්ම මංගලම්.

සර්ව මංගලම් භවතු..............
සර්ව මංගලම් භවතු..............
සර්ව මංගලම් භවතු..............
            ලෙස පාඨය අවසන් වේ

සර්ව යනු සියළු යන අර්ථය ගෙනදේ. සබ්බ යනු එයට සමාන පදයකි.
මෙහි සර්ව මංගලම් භවතු යනු හින්දු මංගල චාරත්‍ර වලින් බිඳී ආ ප්‍රත්‍යයකි. ගෞතම විසින් මෙවන් කාරණයක් දේශනා කර නැත. මෙය පසුකාලීනව ශංකාචාර්යගේ බලපෑම නිසා එකතු වූ කරුණු විනා වෙන අහවල් එකක් නොවේ. සරලවම කිවහොත් භවතු සබ්බ මංගලම් යනු ගෞතම දර්ශනයට අදාල එකක් නම් මංගල සූත්‍රය ගෞතම දර්ශනයේ තිබීම ප්‍රතිවිරුද්ධය. එහි අනික් පැත්තද එසේමය. ඉතින් මේක ගැන තව දුරටත් කතා කල යුතු නැත. මොලයක් ඇත්තන් මෙය තේරුම් ගනු ඇත. නැත්තන් අර අහිංසක ගයාන් පෙරේරාව මරන් කනු ඇත.
එහි භවතු සබ්බ මංගලම් යන ගාථාව යන්නේ ගයාන්ගේ මේ වදන් පෙල අවසානයේදීය
යන්නට පෙර මධුසමයට දෙන්න ලොකු දුකක්.. 
ඉතින් දෙයියනේ භවතු සබ්බ මංගලම් කියන්නේ ඒකට කලින් නෙමෙයිද?