Oct 10, 2013
Oct 7, 2013
සමනල සංධ්වනිය බැලුවෙමු.
Posted by ආගන්තුකයා | Stranger on 10:12 AM. චිත්‍රපටි,ජයන්ත චන්ද්‍රසිරි,දර්ශන රුවන් දිසානායක,සමනල සංධ්වනිය - 7 comments
වගීෂ යනු අරවින්ද යැයි මා නොකියමි.
ඒත් වගීෂ යනු අරවින්ද නොවේ යැයිද මා නොකියමි.
වගීෂ ලිපියක් නිසා සිය ආදරය වල දැමිය යුතු යැයිද කියා මා නොකියමි.
ඒත් එසේ නොකල යුතුයි කියාද මා නොකියමි...
සමනල සංධ්වනිය බැලීමට චිත්‍රපටි ශාලාවට අඩිය තියන්නේ මහත් බලාපොරොත්තුවකිනි. ඒ කිසිවක් නිසා නොව හුදෙක් ජයන්ත චන්ද්‍රසිරි කියන නම හා බැඳුනු හොඳ තත්වයේ චිත්‍රපටි අප මීට කලින් නරඹා ඇති නිසාය. වාසනාවකට එය වෙනස් නොකර නැවතත් ජයන්ත චන්ද්‍රසිරි දුටුගැමුණු චිත්‍රපටි ශාලාවලට නොදමා සමනල සංධ්වනිය දමා ඇත.
බෝඩිමේ අයියා පෑන්ටි සහ බ්‍රා හොරකමේ නොයන්නට කොහෙන්ද පාත්වුන පොන්සි තගාලා දෙන්නෙක් කුමාරි පාක් එකට නොයන්නට, නරඹන්නගෙන් වාගීෂට ලැබෙන අසාමාන්‍ය චියර් එක නැත්නම්, සමනල සන්ධ්වනියේ අඩුපාඩුවක් කීමට තරම් දෙයක් මට ඉඩ ඉතුරු නොවනු ඇත. රේවතට පෙම් බඳින පුන්‍යාගේ ලිපියේ අතරමං වෙන වාගීෂ සහ සංගීතඥයෙකු බවට පත්වූ වාගීෂ අහසට පොලව මෙන් වුවත් ඔවුන් දෙදෙනාම ජීවත් වෙන්නේ පුන්‍යා පිලිඹඳ වූ මතකයන් තුලය.
වැඩි වැල්වටාරම් අවශ්‍ය නැත. ජීවිතය යනු අරමුණු රාශියක එකතුවකි. අපි ජීවත් වන්නේ ඒ අරමුණු ඔස්සේය. ඒ අරමුණක් බිඳ වැටීමෙන් සිදුවන ඛේදවාචකය සමනල සංධ්වනියේ කතා වස්තුවයි. වේදනාව යනු සෞන්දර්යකි. ඒ සෞන්දර්ය විවිධ ආකාරයට එලිබසී. වාගීෂගේද ගීත තුලින් එලි බසින්නේ එයයි.
විටක මට කේමදාසගේ වියෝවෙන් ජයන්ත චන්ද්‍රසිරි ගේ අවසානය සිදුවේ යැයි බියක් තිබුනි. නමුත් දැන් ඒ බිය නැත. දර්ශන වැඩ්ඩෙකි.
සමනල සංධ්වනියට බැලිය යුතුය, ඒ තවත් කාලයකට මේවැනි චිත්‍රපටයක් අපේ චිත්‍රපටි ශාලාවකට පැමිණෙතැයි මා විශ්වාස නොකරන නිසාය.
පලි - මට තව ටිකෙන් පුන්‍යා අමතක වන්නට තිබුනි. පුන්‍යාගේ චරිතයට යශෝධා නැත්නම් කවුද ගන්නේ කියලා හිතුවොත් ඔබට නමක් නොහිතෙන ගානට යශෝධා මරුය. තලත්තෑනි පුන්‍යා කුමාරි පාක් එකේදී වාගීෂ හමුවන්නේ අපිට මුලින් හමුවූ පුන්‍යාට අවුරුදු විසි එකකට පසුවය. ඒ වෙලාවේ මගේ හෘදය වස්තුවේ ස්පන්දන වේගය වැඩි කරන්න යශෝධා සමත් නොවුනායැයි කිව්වොත් බොරුවකි.

Sep 8, 2013
Culture Shock
Posted by ආගන්තුකයා | Stranger on 9:49 PM. Culture Shock,Financial,අයියෝ සල්ලි,කලකිරීම්,කසුන් කල්හාර - 2 comments
Mar 14, 2013
Anonymity සහ අපි..
Posted by ආගන්තුකයා | Stranger on 3:32 PM. Anonymity,pseudonymity,ආරූඪත්වය,ඇනෝනිමස්,බ්ලොග්කලාව,ලකෆ්‍රෑන්ස් - 1 comment
Anonymity යනු කුමක්ද
Anonymity හෙවත් අඥාතභාවය යනුවෙන් හැඳින්වෙන්නේ නියම අයිතිකරු නොමැතිව යම් අදහසක් හෝ නිර්මාණයක් හෝ යම් කිසි දෙයක් ඉදිරිපත් කිරීමටය. එහිදී සාමාන්‍ය භාවිතය ඇතුලත එම අදාල නිර්මිතයේ අයිතිකරු සොයාගැනීම අපහසු වේ. ඇනෝනිමස් වීමේ තව දිගුවක් ලෙස pseudonymity හෙවත් ආරූඪත්වය හඳුන්වා දිය හැක. එහිදී අයිතිකරුගේ සැබෑ ස්වරූපය සඟවා වෙනත් නමකින් පෙනී සිටීමක් සිදුවන අතර එහිදී නිර්මිතයට අයිතියක් හිමිවනවාක් මෙන්ම නිර්මිතය කාගේදැයි හැඟීමක් එය පරිශීලනය කරන්නාට හිමිවේ. මීට උදාහරණයක් ලෙස ලෝක ප්‍රසිද්ධ මාක් ට්වේන් යනුවෙන් ආරූඪත්වයක් යොදාගත් සැමුවෙල් ක්ලෙමෙන්ට්ස් පෙන්වා දිය හැක.
අඥාතභාවය කුමකටද?
අඥාතභාවය යනු අන්තර්ජාලය සමග පැමිණියක් නොවේ. මෙය ඉතිහාසය පුරා විවිධ අවස්ථාවල දැකිය හැක. මේ පිලිඹඳව මනා උදාහරණයක් රෝලන්ඩ් එමෙරිච්ගේ ඇනෝනිමස් සිනමා පටය නැරඹීමෙන් ඔබට ලබාගත හැකිවනු ඇත. එසේ අඥාතභාවය භාවිත කිරීමේ හේතුද එම අවස්ථානුකූලව වෙනස්වේ. පහත මම විස්තර කරනු ලබන්නේ ඉන් කිහිපයකි.
අඥාතභාවය යනු කළු හෝ සුදු දෙයක් නොවේ. එය හොඳ පැති මෙන්ම නරක පැතිද පවතී. මම පහතින් මට හැඟෙන එවන් දෑ කිහිපයක් පෙන්වා දෙමි.
අඥාතභාවය හෝ ආරූඪත්වය අයුතු ලෙස භාවිත කිරීමේ අවස්ථාද විරල නොවේ.
මෙය නම් ඉතාමත් සාපේක්ෂ ප්‍රශ්නයක් වන අතර පිලිතුරුද ඉතා සාපේක්ෂ වේ. මම මෙහි ඉදිරිපත් කරනුගේ මගේ අදහසය.
බ්ලොග් අවකාශය එදිරිව අඥාතභාවය හා ආරූඪත්වය.
වර්තමානයේ සිංහල බ්ලොග්කරුවන් අතර ආරූඪ නම් යොදාගෙන බ්ලොග් ලියන්නන් 95% කටත් වඩා දැකිය හැකි අතර ඔවුන් එසේ භාවිත කිරීමට ඔවුන්ගේ හේතු ඇත. කෙසේ වෙතත් දැනට ඔවුන්ගෙනුත් 80 කටත් වඩා පිරිසකගේ පෞද්ගලික තොරතුරු ප්‍රසිද්ධියට පත්වී ඇති අතර ඒවා පෞද්ගලික සම්බන්ධතා බවට පත්වූ අවස්ථාද ඇත. ඒ අනුව පසුකාලීනව මාක් ට්වේන් එලි දැක්වුනා මෙන්ම එම අඥාත නම්ද එලි දැක්වුනි. ඒවා ඒ බ්ලොග් කරුවන්ගේ කැමැත්තට වූ දේවල්ය.
මේ ලියවිල්ලට ප්‍රස්තුත වූයේ පසු ගිය වකවානුවේ හා වර්තමානයේ බ්ලොග් අවකාශය තුල පවතින ඇනෝනිමස් ආතල් හා ලකෆ්‍රෑන්ස් නම් බ්ලොග් අඩවි දෙක ගැන කතිකාවතට මගේ අදහස එකතු කිරීමය. ඇනෝනිමස් ආතල් බ්ලොග් සටහන ආරම්භ වන්නේ බ්ලොග් ත්‍රස්තවාදී යන නම ඔස්සේය. ත්‍රස්තවාදීන්ට සදාචාරයක් නොමැත. එසේ නම් ඇනෝනිමස් ආතල් බ්ලොග් අඩවිය පිලිඹඳව සදාචාරයක් කතා කිරීම පලක් නැත. හැමෝම එම බ්ලොග් අඩවියට බනී. හැබැයි හැමෝම එය දෛනිකව බලයි. සමහරුන් අද තමාට ඇනෝනිමස් නෙලයි හෝ ඇනෝනිමස්ට කියා නෙලවා ගැනීමටද උත්සාහ කරනුද මම ඒ ගැන විපරම් කරන විට දැනගන්නට ලැබී ඇත. පසු කාලීනව ඇනෝනිමස් නිහඬ වූ අතර වර්තමානයේ ලකෆ්‍රෑන්ස් පුරවනුයේ ඒ හිඩැසයි. එය ඇනෝනිමස් ආතල් අඩවියට වඩා වෙනස් වුනොත් වෙනස් වන්නේ ලිවීම් ශෛලය හා වචන හැසීරවීමෙන් පමණක් වන අතර දෙකම සිදුකරනුයේ එකම කෘත්‍යයකි.
බ්ලොග් ලෝකය යනු තවත් මිනිස් සමාජයක පැතිකඩකි. අප සාමාන්‍ය ගැවසෙන භෞතික සමාජයේ සිටින අණ්ඩපාලයන්, බඩුකාරයින්, බඩු, කොළුකාරයින්, පොළුකාරයින්, තැරැව්කරුවන් බ්ලොග් අවකාශය තුලද සිටී එසේ නොසිටීනම් එය සමාජයක් නොවේ. සාමාන්‍ය සමාජයේ මෙන්ම ඔවුන් එන්නේද හොඳ මූණ දමාගෙනය. බහුතරයක් බ්ලොග් වල සිටින්නේද ශාන්ත දාන්ත චරිතය. ඔවුන් හතුරෙකුටවත් වරදක් නොකරයි. සිතිනුත් පව් කරන්නේ නැත. මේ ආදී නොයෙක් ලෙස වෙස්මූණු දමාගත් බ්ලොග්කරුවන් සිටිති. එහෙයින් බ්ලොග් අවකාශයද අප සාමාන්‍යෙයන් ජීවත් වන සමාජයේ පැතිකඩක් ලෙස මට පෙන්වාදිය හැක.
මෙම බ්ලොග් දෙක පැමිණීමත් සමග එම වෙස්මූණු ගැලවීම ඇරඹේ. මෙම බ්ලොග් අඩවි දෙකේ ප්‍රසිද්ධ විවේචන හැරුණුකොට මට පෙනෙන ඉතා වැදගත් ලක්ෂණය එයය. මේ වෙස්මූණු ගැලවීමට සියළු දෙනා පොත්තෙක් අකමැති වුවත් මදයෙන් ලොකු ආතල් එකක් ගනී. එම බ්ලොග් අඩවි දෙකට අනෙක්වාට සාපේක්ෂ ඉතා විශාල හිට්ස් ප්‍රමාණයක් හා කමෙන්ටු ප්‍රමාණයක් ලැබෙන්නේ ඒ හේතුව මතිනි. සියළු දෙනා මොවුන් දෙදෙනා පොතු හරී. අදහස් තුලින් ඔවුන්ව එල්ලා මැරීමට සූදානම්ය. නමුත් එම බ්ලොග් අඩවි නොබලන කෙනෙක් නැත. හිතට අවංකව මෙය විවේචනය කරන්නෙක් නම් විරුද්ධ යමෙක් නම් ඔබ එම බ්ලොග් එක එක වරකට වඩා බලා නැති විය යුතුය. සිතා බලන්න ඔබ අවම වශයෙන් දෙවරක් වත් එම බ්ලොග් අඩවියට ගොස් ඇත.
ඇනෝනිමස් හෝ ලකෆ්‍රෑන්ස් වර්ජනය කිරීමට ක්‍රම දෙකකි.

- ඔබ ප්‍රසිද්ධ පුද්ගලයෙකු නම් ඔබ පෙනී සිටින මතවාදයට එරෙහිව ඔබට අදහස් ප්‍රකාශ කිරීම සඳහා අඥාතභාවය යොදාගත හැක. එවිට ඔබගේ ප්‍රතිරූපයට හානි නොවී ඔබට අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව ලැබේ. තවද ඔබට එම මතය ප්‍රකාශ කිරීමෙන් පෞද්ගලික ජීවිතයට යම් තර්ජනයක් එල්ල වේ නම් එවිටද ඔබට අඥාතභාවය යොදාගත හැක.
- බොහොමයක් රටවල රහස් පරීක්ෂකයින්, නීතිඥයින්, වෛද්‍යවරුන් හමුවීම පවා අඥාතභාවයකින් යුක්තව සිදුවන අතර ක්‍රිස්තානියේ පව් සමාකිරීම සිදුවන්නේද පූර්ණ අඥාතභාවකින්ය.
අඥාතභාවය යනු කළු හෝ සුදු දෙයක් නොවේ. එය හොඳ පැති මෙන්ම නරක පැතිද පවතී. මම පහතින් මට හැඟෙන එවන් දෑ කිහිපයක් පෙන්වා දෙමි.
- පුද්ගලයෙක් යම් දේකට බැඳීමක් පවතින විට එමගින් ඔහුට සිදුවන ප්‍රතික්‍රියාවන්ගෙන් මිදී අදහස් ප්‍රකාශ කිරීමට ඔහුට අඥාතභාවය භාවිතා කල හැක.
- ප්‍රජාතාන්ත්‍රවාදී නොවන රටක ඔබට රාජ්‍ය විරෝධී අදහසක් ප්‍රකාශ කිරීමට අවශ්‍යනම් ඔබ අනිවර්යයෙන් අඥාතභාවය හෝ ආරඪත්වය භාවිතා කල හැක.
- ඔබට ඔබගේ පෞද්ගලික දේවල් (ලිංගික ප්‍රශ්න ආදී) ප්‍රසිද්ධ වේදිකාවක සාකච්ඡා කිරීමට අවශ්‍ය නම් අඥාතභාවය හෝ ආරූඪත්වය භාවිතා කල හැක.
- මට සිතෙනා අන්දමට අඥාතභාවය හෝ ආරූඪත්වය භාවතකරන වේදිකාවක හැමදෙනාම එක හා සමාන වේ. එවිට ඔවුන්ගේ අදහස් වලට ස්ත්‍රී පුරුෂ භේදයක්, සංස්කෘතික බන්ධන අදාල නොවන අතර හොඳ කතිකාවතක් ගොඩනැගීමේ හැකියාවක් පවතී.
- අඥාතභාවය හෝ ආරූඪත්වය පර්යේෂණ සඳහා භාවිතා කල හැකි වන අතර විවිධ චරිත ගොඩනගා ගනිමින් සමාජීය පර්යේෂණ සිදුකල හැක.
අඥාතභාවය හෝ ආරූඪත්වය අයුතු ලෙස භාවිත කිරීමේ අවස්ථාද විරල නොවේ.
- මූලික අපරාධ සිදුකිරීම හෝ එයට අනුබල දීම උදෙසා අඥාතභාවය හෝ ආරූඪත්වය යොදාගත හැක. එසේ එය යොදාගත් අවස්ථාද බහුලව ඇත.
- පුද්ගල චරිතවලට අපහාස කිරීම උදෙසාද අඥාතභාවය හෝ ආරූඪත්වය යොදාගත හැකිවන අතර එසේ සිදුවන අවස්ථාද විරල නොවේ.
මෙය නම් ඉතාමත් සාපේක්ෂ ප්‍රශ්නයක් වන අතර පිලිතුරුද ඉතා සාපේක්ෂ වේ. මම මෙහි ඉදිරිපත් කරනුගේ මගේ අදහසය.
- ඔබ බ්ලොග් සටහන් වල පිලිතුරු ලෙස ඔබ හොඳ පමණක් බලාපොරොත්තු වන්නේ නම් ඔබ කවදාවත් අඥාතභාවයට හෝ ආරූඪත්වයට ඉඩ නොදී සිටී.
- තවද ඔබ සංස්කෘතික රාමුවක සිටීනම් සරලවම කුණුහබ්බ කියනවාට අකමැති නම් ඔබ අඥාතභාවය හෝ ආරූඪත්වය ප්‍රතික්ෂේප කරයි.
- එසේත් නැතිනම් ඔබ කවුද යන්න පෙන්වාදීමට අකමැතිනම් ඔබ අඥාතභාවය හෝ ආරූඪත්වය ප්‍රතික්ෂේප කරයි.
- තවද ඔබ දාගෙන ඉන්නේ වෙස්මූණක් සහ ඒ වෙස් මූණ ගැලවෙනවාට ඔබ අකමැති නම් ඔබ අඥාතභාවය හෝ ආරූඪත්වය ප්‍රතික්ෂේප කරයි.
වර්තමානයේ සිංහල බ්ලොග්කරුවන් අතර ආරූඪ නම් යොදාගෙන බ්ලොග් ලියන්නන් 95% කටත් වඩා දැකිය හැකි අතර ඔවුන් එසේ භාවිත කිරීමට ඔවුන්ගේ හේතු ඇත. කෙසේ වෙතත් දැනට ඔවුන්ගෙනුත් 80 කටත් වඩා පිරිසකගේ පෞද්ගලික තොරතුරු ප්‍රසිද්ධියට පත්වී ඇති අතර ඒවා පෞද්ගලික සම්බන්ධතා බවට පත්වූ අවස්ථාද ඇත. ඒ අනුව පසුකාලීනව මාක් ට්වේන් එලි දැක්වුනා මෙන්ම එම අඥාත නම්ද එලි දැක්වුනි. ඒවා ඒ බ්ලොග් කරුවන්ගේ කැමැත්තට වූ දේවල්ය.
මේ ලියවිල්ලට ප්‍රස්තුත වූයේ පසු ගිය වකවානුවේ හා වර්තමානයේ බ්ලොග් අවකාශය තුල පවතින ඇනෝනිමස් ආතල් හා ලකෆ්‍රෑන්ස් නම් බ්ලොග් අඩවි දෙක ගැන කතිකාවතට මගේ අදහස එකතු කිරීමය. ඇනෝනිමස් ආතල් බ්ලොග් සටහන ආරම්භ වන්නේ බ්ලොග් ත්‍රස්තවාදී යන නම ඔස්සේය. ත්‍රස්තවාදීන්ට සදාචාරයක් නොමැත. එසේ නම් ඇනෝනිමස් ආතල් බ්ලොග් අඩවිය පිලිඹඳව සදාචාරයක් කතා කිරීම පලක් නැත. හැමෝම එම බ්ලොග් අඩවියට බනී. හැබැයි හැමෝම එය දෛනිකව බලයි. සමහරුන් අද තමාට ඇනෝනිමස් නෙලයි හෝ ඇනෝනිමස්ට කියා නෙලවා ගැනීමටද උත්සාහ කරනුද මම ඒ ගැන විපරම් කරන විට දැනගන්නට ලැබී ඇත. පසු කාලීනව ඇනෝනිමස් නිහඬ වූ අතර වර්තමානයේ ලකෆ්‍රෑන්ස් පුරවනුයේ ඒ හිඩැසයි. එය ඇනෝනිමස් ආතල් අඩවියට වඩා වෙනස් වුනොත් වෙනස් වන්නේ ලිවීම් ශෛලය හා වචන හැසීරවීමෙන් පමණක් වන අතර දෙකම සිදුකරනුයේ එකම කෘත්‍යයකි.
බ්ලොග් ලෝකය යනු තවත් මිනිස් සමාජයක පැතිකඩකි. අප සාමාන්‍ය ගැවසෙන භෞතික සමාජයේ සිටින අණ්ඩපාලයන්, බඩුකාරයින්, බඩු, කොළුකාරයින්, පොළුකාරයින්, තැරැව්කරුවන් බ්ලොග් අවකාශය තුලද සිටී එසේ නොසිටීනම් එය සමාජයක් නොවේ. සාමාන්‍ය සමාජයේ මෙන්ම ඔවුන් එන්නේද හොඳ මූණ දමාගෙනය. බහුතරයක් බ්ලොග් වල සිටින්නේද ශාන්ත දාන්ත චරිතය. ඔවුන් හතුරෙකුටවත් වරදක් නොකරයි. සිතිනුත් පව් කරන්නේ නැත. මේ ආදී නොයෙක් ලෙස වෙස්මූණු දමාගත් බ්ලොග්කරුවන් සිටිති. එහෙයින් බ්ලොග් අවකාශයද අප සාමාන්‍යෙයන් ජීවත් වන සමාජයේ පැතිකඩක් ලෙස මට පෙන්වාදිය හැක.
මෙම බ්ලොග් දෙක පැමිණීමත් සමග එම වෙස්මූණු ගැලවීම ඇරඹේ. මෙම බ්ලොග් අඩවි දෙකේ ප්‍රසිද්ධ විවේචන හැරුණුකොට මට පෙනෙන ඉතා වැදගත් ලක්ෂණය එයය. මේ වෙස්මූණු ගැලවීමට සියළු දෙනා පොත්තෙක් අකමැති වුවත් මදයෙන් ලොකු ආතල් එකක් ගනී. එම බ්ලොග් අඩවි දෙකට අනෙක්වාට සාපේක්ෂ ඉතා විශාල හිට්ස් ප්‍රමාණයක් හා කමෙන්ටු ප්‍රමාණයක් ලැබෙන්නේ ඒ හේතුව මතිනි. සියළු දෙනා මොවුන් දෙදෙනා පොතු හරී. අදහස් තුලින් ඔවුන්ව එල්ලා මැරීමට සූදානම්ය. නමුත් එම බ්ලොග් අඩවි නොබලන කෙනෙක් නැත. හිතට අවංකව මෙය විවේචනය කරන්නෙක් නම් විරුද්ධ යමෙක් නම් ඔබ එම බ්ලොග් එක එක වරකට වඩා බලා නැති විය යුතුය. සිතා බලන්න ඔබ අවම වශයෙන් දෙවරක් වත් එම බ්ලොග් අඩවියට ගොස් ඇත.
ඇනෝනිමස් හෝ ලකෆ්‍රෑන්ස් වර්ජනය කිරීමට ක්‍රම දෙකකි.
- එකක් ඔබගේ වෙස්මූන ගලවා සැබෑ මුහුණ පේන්නට දෙන්න.
- නැතිනම් කවදාවත් සැබෑ මුහුණ පෙන්නට නොදෙන්න.
- එසේත් නැතිනම් ඔබත් ඔබගේ වෙස් මුහුණ සැබෑ මුහුණයැයි විශ්වාස කරන්න. (ගොබෙල්ස් න්‍යාය)
- නැත්නම් අවංකවම ඔබ එම බ්ලොග් නොබලා ඉන්න. ඔවුනට හිට්ස් දීමෙන් වලකින්න.
ඔබ ජයග්‍රාහකයෙකු වනු ඇත.. .
සමාජීයජාල එකතුවට