සමාජීයජාල එකතුවට

අවැසි ලිපි සොයනු පිණිස

Oct 7, 2013

සමනල සංධ්වනිය බැලුවෙමු.

වගීෂ යනු අරවින්ද යැයි මා නොකියමි.
ඒත් වගීෂ යනු අරවින්ද නොවේ යැයිද මා නොකියමි.
වගීෂ ලිපියක් නිසා සිය ආදරය වල දැමිය යුතු යැයිද කියා මා නොකියමි.
ඒත් එසේ නොකල යුතුයි කියාද මා නොකියමි... 

සමනල සංධ්වනිය බැලීමට චිත්‍රපටි ශාලාවට අඩිය තියන්නේ මහත් බලාපොරොත්තුවකිනි. ඒ කිසිවක් නිසා නොව හුදෙක් ජයන්ත චන්ද්‍රසිරි කියන නම හා බැඳුනු හොඳ තත්වයේ චිත්‍රපටි අප මීට කලින් නරඹා ඇති නිසාය. වාසනාවකට එය වෙනස් නොකර නැවතත් ජයන්ත චන්ද්‍රසිරි දුටුගැමුණු චිත්‍රපටි ශාලාවලට නොදමා සමනල සංධ්වනිය දමා ඇත. 

බෝඩිමේ අයියා පෑන්ටි සහ බ්‍රා හොරකමේ නොයන්නට කොහෙන්ද පාත්වුන පොන්සි තගාලා දෙන්නෙක් කුමාරි පාක් එකට නොයන්නට, නරඹන්නගෙන් වාගීෂට ලැබෙන අසාමාන්‍ය චියර් එක නැත්නම්, සමනල සන්ධ්වනියේ අඩුපාඩුවක් කීමට තරම් දෙයක් මට ඉඩ ඉතුරු නොවනු ඇත. රේවතට පෙම් බඳින පුන්‍යාගේ ලිපියේ අතරමං වෙන වාගීෂ සහ සංගීතඥයෙකු බවට පත්වූ වාගීෂ අහසට පොලව මෙන් වුවත් ඔවුන් දෙදෙනාම ජීවත් වෙන්නේ පුන්‍යා පිලිඹඳ වූ මතකයන් තුලය. 

වැඩි වැල්වටාරම් අවශ්‍ය නැත. ජීවිතය යනු අරමුණු රාශියක එකතුවකි. අපි ජීවත් වන්නේ ඒ අරමුණු ඔස්සේය. ඒ අරමුණක් බිඳ වැටීමෙන් සිදුවන ඛේදවාචකය සමනල සංධ්වනියේ කතා වස්තුවයි. වේදනාව යනු සෞන්දර්යකි. ඒ සෞන්දර්ය විවිධ ආකාරයට එලිබසී. වාගීෂගේද ගීත තුලින් එලි බසින්නේ එයයි. 

විටක මට කේමදාසගේ වියෝවෙන් ජයන්ත චන්ද්‍රසිරි ගේ අවසානය සිදුවේ යැයි බියක් තිබුනි. නමුත් දැන් ඒ බිය නැත. දර්ශන වැඩ්ඩෙකි. 

සමනල සංධ්වනියට බැලිය යුතුය‍, ඒ තවත් කාලයකට මේවැනි චිත්‍රපටයක් අපේ චිත්‍රපටි ශාලාවකට පැමිණෙතැයි මා විශ්වාස නොකරන නිසාය.

පලි - මට තව ටිකෙන් පුන්‍යා අමතක වන්නට තිබුනි. පුන්‍යාගේ චරිතයට යශෝධා නැත්නම් කවුද ගන්නේ කියලා හිතුවොත් ඔබට නමක් නොහිතෙන ගානට යශෝධා මරුය. තලත්තෑනි පුන්‍යා කුමාරි පාක් එකේදී වාගීෂ හමුවන්නේ අපිට මුලින් හමුවූ පුන්‍යාට අවුරුදු විසි එකකට පසුවය. ඒ වෙලාවේ මගේ හෘදය වස්තුවේ ස්පන්දන වේගය වැඩි කරන්න යශෝධා සමත් නොවුනායැයි කිව්වොත් බොරුවකි. 

7 ගල්මුල්:

මාත් මේක බලන්න ආසාවෙන් ඉන්නෙ :D

බලන්න ඕනෙ චිත්‍රපටයක්

මමත් බැලුවා.. ඒ හේතු හතරක් හින්දා.. ජයන්ත, අමරසිරි, දර්ශණ හා උද්දික ඒ හේතු හතරයි.. ජයන්ත චන්ද්‍රසිරි පිපාසාවෙන් ඉන්න සිංහල චිත්‍රපට ප්‍රේක්ශකයාට දිය පොදක් පොවන බව තමා මටනම් හිතුනෙ..

මේ ලිපියේ මාතෘකාව දැකලා මේක නොකියවා හිටියේ චිත්‍රපටියක්, පොතක් කියවන්න කලිං විචාර කියවන එක මම නවත්තලා තියෙන නිසා. ඒත් අද උදේ චිත්‍රපටිය බලලා ඇවිත් මේ ලිපිය හෙව්වා කියවන්න.

"බෝඩිමේ අයියා පෑන්ටි සහ බ්‍රා හොරකමේ නොයන්නට කොහෙන්ද පාත්වුන පොන්සි තගාලා දෙන්නෙක් කුමාරි පාක් එකට නොයන්නට, නරඹන්නගෙන් වාගීෂට ලැබෙන අසාමාන්‍ය චියර් එක නැත්නම්, සමනල සන්ධ්වනියේ අඩුපාඩුවක් කීමට තරම් දෙයක් මට ඉඩ ඉතුරු නොවනු ඇත"

අනිවාර්යයෙන්!

ආ තව දෙයක්...
මේ චිත්‍රපටිය අතරේ ද රීඩර්, ලව් ඉන් ද ටයිම් ඔෆ් කොලෙරා කියන ෆිල්ම් දෙක මට නිතරම මතක් උනා!

ලංකාවෙ සාමාන්‍යන් බෝඩිමෙ අයියලා ජංගි හොරකකම් කරනවා නේද?

කියන්න දෙයක් තියනවා "සමනල සංධ්වනිය" ගැන
මම හුගක් ආසවෙන් බලං හිටියත් චිත්‍රපටිය ගැඹුරකට ගියෙත් නෑ.
මතුපිට ගැලපුනෙත් නෑ.
අසම්පූර්ණ ගතියක් දැනුනා අග්නිදාහය, ගරිල්ලා මාකටිං, කරපු ජයන්ත චන්ද්‍රසිරි මීට වඩා මාර නිර්මාණකාරයෙක් මිනිස් හැගීම් විනිවිද දැක්ක කෙනෙක් එත් සමනල සංධ්වනියට ඒ උත්සාහය ඔහු යොදලා නෑ. කියන්න තියන්නෙ ජයන්ත චන්ද්‍රසිරි ඉතිහාසය බලං ඉඳලා කම්මැලි වෙලා.

Post a Comment