සමාජීයජාල එකතුවට

අවැසි ලිපි සොයනු පිණිස

Oct 4, 2011

කූරගල ආගමික ගැටළුව..

මිනිසා සත්වයෙකි. එනම් ඔහුද බිහිවන්නේ අනෙක් සතුන් මෙන් තිරිසන් මනසක් උරුම කරගෙනය. විවිධ කාලයන් හිදී මිනිසාගේ සාමාජීය වීමත් එහි පවතින ගැටළු වලට එරෙහිව සාමාජීය විප්ලවයන් ලෙස දැනට පවතින් ආගම්වල මූලය සිදුවී ඇත. බුද්ධාගම සහ ඉස්ලාම් ආගම එසේ බිහිවූ ආගම් වලට උදාහරණයන්ය. මූලිකව ලියුම්කරුට අනුව අදාල දර්ශනය වටා එක්රොක් වන ශ්‍රාවකයන් නිසා ශාසනයක් ඇතිවේ. ශ්‍රවකයින්ට අනුව අදාල දර්ශනය වෙනස් වී. එය නීතිරීති සමුදායක් සමග ආගමක් බවට පත්වීම සිදුවී ඇත. අපි උපදින විට අපිට ආගමක් හිමිවන්නේ එහි අතුරුඵලයක් වශයෙනි.


කතාව මෙසේ වුනත් සෑම මිනිසෙකුටම ආගම ඇදහීමේ අයිතියක් ඇත. අදාල දර්ශනය ප්‍රශ්න කිරීමකින් තොරව ආගමක් ඇදහීම ලියුම්කරු විශ්වාස නොකලත් ආගමක් ඇදහීමේ පුද්ගලික නිදහස ලියුම්කරු අගය කරයි. ඉහත කරුණේ ප්‍රතිඵලයක් ලෙස ආගම් කිහිපයක් ලෝකය තුල බිහිවන අතර ඒ තුල මිනිසුන් බෙදීගොස් බෙදුම්වාදයක් ඇරඹී ඇත. ආගම යනුවෙන් ලියුම්කරු හඳුන්වාගන්නා කරුණ මෙයයි. 
ලියුම්කරු මෑත දිනයක් කූරගල ගියේය. කූරගල බලන්ගොඩ සිට කල්තොට පාරේ කිලෝමීටර් 22 එසේත් නැතිනම් තණමල්විල හම්බේගමුව සිට කිලෝමීටර  40 පමණ දුරින් පිහිටි ශුෂ්ක කලාපයට අයත් ගම්මානයකි. බලන්ගොඩ සිට කල්තොට මාර්ගයේ කිලෝමීටර් 22 ගිය තැන තැන්න හමුවේ. කූරගලට ලඟාවීමට නම් තැන්නේ සිට කිලෝමීටර දෙකක් ඇතුලට ගමන් කල යුතුය. කූරගල චාරිකාව ගැන සවිස්තරාත්මක විස්තරයක් වැප්  විසින් සටහන් කර ඇති බැවින් ඒ පිලිඹඳව දීර්ඝ ලෙස කතාකිරීම නිශ්ඵල බැවින් ලියුම්කරුට හුදෙක් කූරගල ගැන දැනුන දේ මෙම ලිපියට එකතු කරමි..

ආගමික හා ශාසනික ඇසකින් බලනවිට කූරගලින් සිදුවී ඇත්තේ බෞද්ධයින්ට අසාධාරණයකි. එයට වගකිව යුත්තේ පුරාවිද්‍ය දෙපාර්තමේන්තුවය. කූරගල පුරාවිද්‍යා භූමියකි. එය තුල පුරාවිද්‍යා ගවේෂණ සඳහා බාධාවන සියළු ඉදිකිරීම් ඉවත් කල යුත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවයි. කොටින්ම අපි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පර්යේෂන එහි පැවැත්වෙන බවක් නොදුටුවෙමු. නමුත් අපිට නොපෙනී පර්යේෂණ පැවැත්වුනාද යන්න පිලිඹඳ ලියුම්කරුට විශ්වාසයෙන් කිව නොහැක. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ පිළිඹඳව පියවරක් නොගතහොත් ඊළඟට සිදුවන සිද්ධි පිලිඹඳ වගකීමට සිදුවන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටය.
දෙවනි කරුණ මෙය බෞද්ධ සිද්ධස්ථාන ගණයට වැටෙන්නේ නම් බෞද්ධයන් කූරගල වන්දනාවට යා යුතුය. කෙසේ වෙතත් අපි ගිය දිනය තුල මුස්ලිම් නඩ කිහිපයක් දුටු නමුත් බෞද්ධ නඩයක් නම් දුටුවේ නැත. බෞද්ධ නඩ නොයාම යනු කූරගල යාමට බෞද්ධයන්ට වුවමනාවක් නැති කම ප්‍රදර්ශනය කිරීමකි. එය එසේනම් අදාල අවශ්‍යතාව ඇති පුද්ගලයින්ට එය බාරදීමට බෞද්ධයින්ට සිදුවේ. ඒ මන්ද යත් අනවශ්‍ය දෙයක් අයිතියේ තමා ගැනීම නිශ්ඵල ක්‍රියාවක් නිසාය. 
ආගමක් අනවශ්‍ය බව සැබෑය. ඒත් ආගම යනු මිනිස් අයිතිවාසිකමකි. කූරගල එරෙහිව හඬ නගනා උන් ඊට පෙර කූරගල අපිට ඇත්තටම අවශ්‍යදැයි නිශ්චය කරගත යුතුය. ශ්‍රී පාදය තුල බහුලව පවතින්නේ බෞද්ධ පන්සල් සහ හින්දු දේවාල පමණක් වුවත් මුස්ලිම්වරුන්ද ශ්‍රීපාදය වන්දනා කරයි. ඒ ඔවුන්ට ආගමිකව ශ්‍රීපාදය අවශ්‍ය නිසාය. බෞද්ධයින් වුවද කූරගල අවශ්‍යතාවය තේරුම් ගත යුතුය. එවිට කූරගල බහු ආගමික ස්ථානයක් ලෙස පැවැත්මක් පවතිනු ඇත. බෞද්ධයින්ට බෞද්ධ ඉතිහාසය හා ඉස්ලාම් ලබ්ධිකයින්ට ඔවුන්ගේ ඉතිහාසය කූරගලින් ලිවිය හැකි වනු ඇත්තේ එවිටය. ලියුම්කරුද සිටින්නේද ඒ අදහසේය. 

ගැටළුව මගහැරිය හැකි එකට තැන වන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවයි. කෙසේ වෙතත් ඉස්ලාම් අයිතිය ගැන බෞද්ධයින් ප්‍රශ්න කරන්නේ නම් එය විසඳීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු කාර්යයකි. මෙහි ආරවුල විසඳිය හැක්කේද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටය. 
එසේනම් මෙය ආගම් දෙකක් මරාගන්නා තත්වයට මුල් අදින තෙක් නොසිට සුදුසු විසඳුමක් විවේචන අපි විසින් බලාපොරොත්තු වෙමු... 

7 ගල්මුල්:

මේ ලිපිය තමයි කූරගල ගැන සාධාරණව කතා කරලා තියනවා දැකපු එකම ලිපිය. ලිපියේ අඩංගු හැම කරුණකටම වගේ මම එකඟයි.
පහුගිය දවස් වල රට වටේම සංචාරයක් යන්න මට පුළුවන් උනා. වැඩි පුරම ගියේ බොහෝම ඉපැරණි පන්සල් වලට. ඒ ගොඩක් ඒවා බෞද්ධයෝ වැඩිය නොදන්න තැන් වෙන්න පුළුවන්. ඒ බොහෝ තැන් වලට යනකොට අපි හැරෙන්න වෙන එක වන්දනා නඩයක්වත් හිටියේ නෑ.
හැබැයි ඒ හැම තැනකම වගේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ගහපු දිරලා ගිය බෝඩ් ලෑලි නම් තිබුණා. ඒ හැරෙන්න වෙන කිසිම දෙයක් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් උනාය කියන්න සාධකයක් නම් දැක්කේ නෑ. සමහර තැන් වල අට්ටාල ගහලා විවිධ කටයුතු ආරම්භ කරලා තිබ්බත් ඒවා අතරමඟ නැවතිලා...
ඒ වගේ තැනක් උනත් අන්‍යාගමිකයින් විසින් අත්පත් කරගන්න ගියොත් අපේ මිනිස්සුන්ට අපේ දේ ගැන මහා කැක්කුම්ක් එයි. ඒත් ඒ වෙනකම් එහෙම තැනක් තිබ්බද කියලත් ගොඩ දෙනෙක් නොදනීවි.

මේ වගේ සාධාරණ විචාරාත්මය ලිපියක් ලියපු එක ගැන මම ආගන්තුකයාට ස්තූතිවන්ත වෙන්න ඕනේ. මොකද මේ සම්බන්ධයෙන් ගොඩක් වෙබ් සයිට් වල තියෙන්නේ කියවන්නත් එපා වෙන ජාතියේ hate speech.

මම දන්න තරමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වෙන්වෙන ප්‍රතිපාදන ප්‍රමාණය බොහොම අඩුයි. මේ ඔක්කොම දේවල් maintain කරන්න ඒක ප්‍රමාණවත් නැතිලු. ආණ්ඩුවෙන් මේ වගේ වාසි හම්බුනොවෙන දේකට වියදං කරනවනං තමා පුදුමේ! අඩුගානේ මේ වැඩේට ධන පරිත්‍යාග කරන්න පුලුවන් අයගෙන් ආධාර ගන්න ක්‍රමයක්වත් හැදුවනං හොඳයි කියලා හිතෙනවා.

මංනං දකින්නේ මේ වගේ ලිපි හරහා කූරගල යන්ට පිරිස් වැඩිපුර යොමු උනානං ඔය ගැටළුව සෑහෙන්න දුරට විසදෙන බවයි... ඒ අතින් බලපුවාම වැප් සහ ඔබ පල කල මේ ලිපි දෙක හුගාක් වැදගත්...

බෞද්ධයන් වන්දනාවේ නොයැතැයි කියා ඒ සියලු සිද්දස්තාන වල මුස්ලිම් පල්ලි සෑදීමට සෑදීමට පටන්ගතහොත් ඒ පිලිබඳ ඔබේ අදහස කුමක්ද?

එකඟ වෙන්න පුඵවන්. කූරගල තියෙන්නෙ කොහෙද කියල දැනගත්තෙත් මේක කියවල. මොකද ඔය වචනෙ මුස්ලිමුන්ට බනින්න යොදන එකක් කියලයි මම හිතන් හිටියෙ. මොකද එහෙම විවේචනය කරන තැන්වල වැඩිපුර භාවිතා වෙන එකක් නිසා.
ආගමික ස්ථාන වුණත් එක ආගමකට සදාකාලික වෙන්නෙ නෑ. යුගයෙන් යුගයට එක එක අය අතට පත් වෙද්දි ඒව වෙනස් වෙනව. මොන දේද සදාකාලික?
මොකක් වුණත් තියෙද්දි වටිනාකමක් නෑ වෙන කෙනෙක්ට අහිමි වුණාම ඒක වටිනා බව වැටහෙනව. ඒක මිනිස් ස්වභාවයයි.

ලිපියේ කාරණා කීපයක් හයිලයිට් කරමි

1.අප ගිය දිනයේ එක සිංහල පවුලක් ආවා. - ( සිංහල කතාකරන )
2. එහෙම නොවුනත් ( කතා කලාට සිංහල නොවිනි නං ) එක දවසක් (අපි ගිය දවසෙ) සිංහල අය කූරගලට ආවෙ නැහැ කියලා , අපිට කියන්න බෑ , එතන බෞද්ධයන් එන්නෙ නැති තැනක් කියලා.
3. බෞද්ධයො නොයනවා හෝ අඩුවෙන් යන පලියට එතන වෙනත් ආගමික ස්මාර්ක ඉදිකිරිම සාධාරණීකරණය කරන්නත් බෑ.

/*
දෙවනි කරුණ මෙය බෞද්ධ සිද්ධස්ථාන ගණයට වැටෙන්නේ නම් බෞද්ධයන් කූරගල වන්දනාවට යා යුතුය. කෙසේ වෙතත් අපි ගිය දිනය තුල මුස්ලිම් නඩ කිහිපයක් දුටු නමුත් බෞද්ධ නඩයක් නම් දුටුවේ නැත. බෞද්ධ නඩ නොයාම යනු කූරගල යාමට බෞද්ධයන්ට වුවමනාවක් නැති කම ප්‍රදර්ශනය කිරීමකි. එය එසේනම් අදාල අවශ්‍යතාව ඇති පුද්ගලයින්ට එය බාරදීමට බෞද්ධයින්ට සිදුවේ. ඒ මන්ද යත් අනවශ්‍ය දෙයක් අයිතියේ තමා ගැනීම නිශ්ඵල ක්‍රියාවක් නිසාය.
*/
පුරාවිද්‍යාව අනුව සිද්ධස්ථානය කාට අයිති වුනත්, දැන් ප්‍රයෝජනයක් ගන්නා කෙනෙකුට එහි අයිතිය දිය යුතුය, යන්නෙන්
අබුසාලි ලාගේ එම ගොන් වැඩය සාධාරණීකරණය කරන බවක් ද පෙනේ.
එහෙම නොවේ නං. පැහැදිලි කරන්න

මියුරංගට පිලිතුර ලිපියේම ඇත. මෙහි පුරාවිද්‍යා අගය ගැන සලකා අනවසර ඉදිකිරීම් ඉවත් කල හැක. නමුත් මියුරංග කියන ඉදිකිරීම් අනවසර ඒවා නම් ඒ ගැන විරුද්ධතාවයක් ඇත. නෛතිකව භූමිය ඇත්නම් පල්ලියක් දැමීමේ වරදක් නැත.. සනිඳුට මේ ප්‍රශ්ණයට පිලිතුර ලබාදී අපි එකඟතාවයකට පැමිණියායැයි සිතමු...

Post a Comment