සමාජීයජාල එකතුවට

අවැසි ලිපි සොයනු පිණිස

Oct 10, 2011

වල්පොල වෙඩි තැබීම පිලිඹඳ ප්‍රවෘත්ති ඇසුවෙමි..

වාසනාවකට Rewind කිරීමේ හැකියාව තිබුනු නිසා චැනල කිහිපයක ප්‍රවෘත්ති බැලීමේ අවකාශය උදාවුනි.. මේ ඒ ප්‍රවෘත්ති නැරඹීමෙන් පසුව ලියුම්කරුට වැටහුන දේය..

සිරස TV 
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා සහ දුමින්ද සිල්වා මහතා පාරේ අල්ලාප සල්ලාපයේ යෙදී සිටියදී දෙපිරිසක් වෙඩි තබාගෙන අතරමැද සිටි භාරත ලක්ෂ්මන් මහතාට සහ දුමින්ද සිල්වා මහතාට වෙඩි වැදී තිබුනි.

රූපවාහිනී. 
වල්පොල වෙඩි තැබීමක් සිදුවී ඇත. කෙසේ නමුත් දුමින්ද සිල්වා මහතාට හා භාරත ලක්ෂ්මන් මහතාට වෙඩි වැඩී ඇත. වෙඩි තැබූ පාර්ශව තාම හඳුනාගෙන නැත

ITN
භාරත ලක්ෂ්මන් මහතාට හා දුමින්ද සිල්වා මහතාට තෙවන පාර්ශවයක් වෙඩි තබා ඇත. ඒ ගැන පොලිස් පරීක්ෂණ පවත්වයි..

ස්වර්ණවාහිනී
දරුණුම ප්‍රචන්ඩක්‍රියාව මුල්ලේරියාවෙන්. දුමින්ද සිල්වා මහතා හා භාරත ලක්ෂ්මන් මහතා ගේ පිරිස් අතර වෙඩි හුවමාරුවක් සිදුවී ඇත.

අනෙකුත් චැනල බලන්නට වූයේ නැත. ස්වර්ණ වාහිනිය නොබැලුවා නම් තාමත් සිදුවූ දෙය නොදනී. කලබල වූ පිරිස් පොලිස් වාහනයක් ගිනිතිබ්බේ ඇයිදැයි තාමත් ගැටළුවකි. පත්කල කමිටුවේ පරීක්ෂණය අවසන් වන තුරු ලියුම්කරුද බලා සිටී..

පලි :
මෙයින් ස්වර්ණවාහිනිය හොඳ බවක් නොකියවේ. මේ කාරණය ගැන මදක් හෝ පැහැදිලි ඉදිරිපත් කිරීමක් සිදුවූයේ එයිනි. නමුත් එය වාර්තාකරණයක් නොවේ..

5 ගල්මුල්:

මම දෙරන එක බැලුව.. සයිට් එකේ .. ඒකත් ටිකක් හොදයි වගේ
උඩම තියන චැනල් ජෝක් දාන චැනල් නෙ

දෙරණ මීට වඩා සමබරව පොඩ්ඩක් ඇත්ත විකාශය කල බව කිව යුතුය...

මේවා අහලා පණ පලයන් ලබන පෙරේදා කිව්වලු....!

මම පත්තරේ දැක්කා පොලීසිය කියලා තියෙනවා භාරත ලක්ෂ්මන්ව මැරුවේ පාතාලයෙන් කියලා..... හයියෝ....!

ඔව් භාරත්ව ලක්ෂ්මන් මැරුවේ පාතාලේ නම් තමා.... අවුල ඒ පාතාලේ නායකයා දු@#ද සිල්වා කෙනෙක් වෙච්ච එකයි....

මම නම් නිව්ස් එකක් දැනගන්න ඕනේ නම් කරන්නේ ගොසිප් සයිට් දෙක තුනක් බලලා තාර බර ඇරලා වුණු දේ හිතාගන්න එක. කිසි ටීවී චැනල් එකක් ඇත්ත කියනවාද ?

මතකද මහින්ද ලොක්කාව ටයිම්ස් එකෙන්ද කොහේදෝ අර බලවත්ම මිනිස්සු 100 ට තෝරගත්තු එක. ඒකේ අන්තුමට මොකද වුනේ කියලා එකෙක්වත් කිව්වද ?

Post a Comment