Oct 10, 2013
Oct 7, 2013
සමනල සංධ්වනිය බැලුවෙමු.
Posted by ආගන්තුකයා | Stranger on 10:12 AM. චිත්‍රපටි,ජයන්ත චන්ද්‍රසිරි,දර්ශන රුවන් දිසානායක,සමනල සංධ්වනිය - 7 comments
වගීෂ යනු අරවින්ද යැයි මා නොකියමි.
ඒත් වගීෂ යනු අරවින්ද නොවේ යැයිද මා නොකියමි.
වගීෂ ලිපියක් නිසා සිය ආදරය වල දැමිය යුතු යැයිද කියා මා නොකියමි.
ඒත් එසේ නොකල යුතුයි කියාද මා නොකියමි...
සමනල සංධ්වනිය බැලීමට චිත්‍රපටි ශාලාවට අඩිය තියන්නේ මහත් බලාපොරොත්තුවකිනි. ඒ කිසිවක් නිසා නොව හුදෙක් ජයන්ත චන්ද්‍රසිරි කියන නම හා බැඳුනු හොඳ තත්වයේ චිත්‍රපටි අප මීට කලින් නරඹා ඇති නිසාය. වාසනාවකට එය වෙනස් නොකර නැවතත් ජයන්ත චන්ද්‍රසිරි දුටුගැමුණු චිත්‍රපටි ශාලාවලට නොදමා සමනල සංධ්වනිය දමා ඇත.
බෝඩිමේ අයියා පෑන්ටි සහ බ්‍රා හොරකමේ නොයන්නට කොහෙන්ද පාත්වුන පොන්සි තගාලා දෙන්නෙක් කුමාරි පාක් එකට නොයන්නට, නරඹන්නගෙන් වාගීෂට ලැබෙන අසාමාන්‍ය චියර් එක නැත්නම්, සමනල සන්ධ්වනියේ අඩුපාඩුවක් කීමට තරම් දෙයක් මට ඉඩ ඉතුරු නොවනු ඇත. රේවතට පෙම් බඳින පුන්‍යාගේ ලිපියේ අතරමං වෙන වාගීෂ සහ සංගීතඥයෙකු බවට පත්වූ වාගීෂ අහසට පොලව මෙන් වුවත් ඔවුන් දෙදෙනාම ජීවත් වෙන්නේ පුන්‍යා පිලිඹඳ වූ මතකයන් තුලය.
වැඩි වැල්වටාරම් අවශ්‍ය නැත. ජීවිතය යනු අරමුණු රාශියක එකතුවකි. අපි ජීවත් වන්නේ ඒ අරමුණු ඔස්සේය. ඒ අරමුණක් බිඳ වැටීමෙන් සිදුවන ඛේදවාචකය සමනල සංධ්වනියේ කතා වස්තුවයි. වේදනාව යනු සෞන්දර්යකි. ඒ සෞන්දර්ය විවිධ ආකාරයට එලිබසී. වාගීෂගේද ගීත තුලින් එලි බසින්නේ එයයි.
විටක මට කේමදාසගේ වියෝවෙන් ජයන්ත චන්ද්‍රසිරි ගේ අවසානය සිදුවේ යැයි බියක් තිබුනි. නමුත් දැන් ඒ බිය නැත. දර්ශන වැඩ්ඩෙකි.
සමනල සංධ්වනියට බැලිය යුතුය, ඒ තවත් කාලයකට මේවැනි චිත්‍රපටයක් අපේ චිත්‍රපටි ශාලාවකට පැමිණෙතැයි මා විශ්වාස නොකරන නිසාය.
පලි - මට තව ටිකෙන් පුන්‍යා අමතක වන්නට තිබුනි. පුන්‍යාගේ චරිතයට යශෝධා නැත්නම් කවුද ගන්නේ කියලා හිතුවොත් ඔබට නමක් නොහිතෙන ගානට යශෝධා මරුය. තලත්තෑනි පුන්‍යා කුමාරි පාක් එකේදී වාගීෂ හමුවන්නේ අපිට මුලින් හමුවූ පුන්‍යාට අවුරුදු විසි එකකට පසුවය. ඒ වෙලාවේ මගේ හෘදය වස්තුවේ ස්පන්දන වේගය වැඩි කරන්න යශෝධා සමත් නොවුනායැයි කිව්වොත් බොරුවකි.

Sep 8, 2013
Culture Shock
Posted by ආගන්තුකයා | Stranger on 9:49 PM. Culture Shock,Financial,අයියෝ සල්ලි,කලකිරීම්,කසුන් කල්හාර - 2 comments
Mar 14, 2013
Anonymity සහ අපි..
Posted by ආගන්තුකයා | Stranger on 3:32 PM. Anonymity,pseudonymity,ආරූඪත්වය,ඇනෝනිමස්,බ්ලොග්කලාව,ලකෆ්‍රෑන්ස් - 1 comment
Anonymity යනු කුමක්ද
Anonymity හෙවත් අඥාතභාවය යනුවෙන් හැඳින්වෙන්නේ නියම අයිතිකරු නොමැතිව යම් අදහසක් හෝ නිර්මාණයක් හෝ යම් කිසි දෙයක් ඉදිරිපත් කිරීමටය. එහිදී සාමාන්‍ය භාවිතය ඇතුලත එම අදාල නිර්මිතයේ අයිතිකරු සොයාගැනීම අපහසු වේ. ඇනෝනිමස් වීමේ තව දිගුවක් ලෙස pseudonymity හෙවත් ආරූඪත්වය හඳුන්වා දිය හැක. එහිදී අයිතිකරුගේ සැබෑ ස්වරූපය සඟවා වෙනත් නමකින් පෙනී සිටීමක් සිදුවන අතර එහිදී නිර්මිතයට අයිතියක් හිමිවනවාක් මෙන්ම නිර්මිතය කාගේදැයි හැඟීමක් එය පරිශීලනය කරන්නාට හිමිවේ. මීට උදාහරණයක් ලෙස ලෝක ප්‍රසිද්ධ මාක් ට්වේන් යනුවෙන් ආරූඪත්වයක් යොදාගත් සැමුවෙල් ක්ලෙමෙන්ට්ස් පෙන්වා දිය හැක.
අඥාතභාවය කුමකටද?
අඥාතභාවය යනු අන්තර්ජාලය සමග පැමිණියක් නොවේ. මෙය ඉතිහාසය පුරා විවිධ අවස්ථාවල දැකිය හැක. මේ පිලිඹඳව මනා උදාහරණයක් රෝලන්ඩ් එමෙරිච්ගේ ඇනෝනිමස් සිනමා පටය නැරඹීමෙන් ඔබට ලබාගත හැකිවනු ඇත. එසේ අඥාතභාවය භාවිත කිරීමේ හේතුද එම අවස්ථානුකූලව වෙනස්වේ. පහත මම විස්තර කරනු ලබන්නේ ඉන් කිහිපයකි.
අඥාතභාවය යනු කළු හෝ සුදු දෙයක් නොවේ. එය හොඳ පැති මෙන්ම නරක පැතිද පවතී. මම පහතින් මට හැඟෙන එවන් දෑ කිහිපයක් පෙන්වා දෙමි.
අඥාතභාවය හෝ ආරූඪත්වය අයුතු ලෙස භාවිත කිරීමේ අවස්ථාද විරල නොවේ.
මෙය නම් ඉතාමත් සාපේක්ෂ ප්‍රශ්නයක් වන අතර පිලිතුරුද ඉතා සාපේක්ෂ වේ. මම මෙහි ඉදිරිපත් කරනුගේ මගේ අදහසය.
බ්ලොග් අවකාශය එදිරිව අඥාතභාවය හා ආරූඪත්වය.
වර්තමානයේ සිංහල බ්ලොග්කරුවන් අතර ආරූඪ නම් යොදාගෙන බ්ලොග් ලියන්නන් 95% කටත් වඩා දැකිය හැකි අතර ඔවුන් එසේ භාවිත කිරීමට ඔවුන්ගේ හේතු ඇත. කෙසේ වෙතත් දැනට ඔවුන්ගෙනුත් 80 කටත් වඩා පිරිසකගේ පෞද්ගලික තොරතුරු ප්‍රසිද්ධියට පත්වී ඇති අතර ඒවා පෞද්ගලික සම්බන්ධතා බවට පත්වූ අවස්ථාද ඇත. ඒ අනුව පසුකාලීනව මාක් ට්වේන් එලි දැක්වුනා මෙන්ම එම අඥාත නම්ද එලි දැක්වුනි. ඒවා ඒ බ්ලොග් කරුවන්ගේ කැමැත්තට වූ දේවල්ය.
මේ ලියවිල්ලට ප්‍රස්තුත වූයේ පසු ගිය වකවානුවේ හා වර්තමානයේ බ්ලොග් අවකාශය තුල පවතින ඇනෝනිමස් ආතල් හා ලකෆ්‍රෑන්ස් නම් බ්ලොග් අඩවි දෙක ගැන කතිකාවතට මගේ අදහස එකතු කිරීමය. ඇනෝනිමස් ආතල් බ්ලොග් සටහන ආරම්භ වන්නේ බ්ලොග් ත්‍රස්තවාදී යන නම ඔස්සේය. ත්‍රස්තවාදීන්ට සදාචාරයක් නොමැත. එසේ නම් ඇනෝනිමස් ආතල් බ්ලොග් අඩවිය පිලිඹඳව සදාචාරයක් කතා කිරීම පලක් නැත. හැමෝම එම බ්ලොග් අඩවියට බනී. හැබැයි හැමෝම එය දෛනිකව බලයි. සමහරුන් අද තමාට ඇනෝනිමස් නෙලයි හෝ ඇනෝනිමස්ට කියා නෙලවා ගැනීමටද උත්සාහ කරනුද මම ඒ ගැන විපරම් කරන විට දැනගන්නට ලැබී ඇත. පසු කාලීනව ඇනෝනිමස් නිහඬ වූ අතර වර්තමානයේ ලකෆ්‍රෑන්ස් පුරවනුයේ ඒ හිඩැසයි. එය ඇනෝනිමස් ආතල් අඩවියට වඩා වෙනස් වුනොත් වෙනස් වන්නේ ලිවීම් ශෛලය හා වචන හැසීරවීමෙන් පමණක් වන අතර දෙකම සිදුකරනුයේ එකම කෘත්‍යයකි.
බ්ලොග් ලෝකය යනු තවත් මිනිස් සමාජයක පැතිකඩකි. අප සාමාන්‍ය ගැවසෙන භෞතික සමාජයේ සිටින අණ්ඩපාලයන්, බඩුකාරයින්, බඩු, කොළුකාරයින්, පොළුකාරයින්, තැරැව්කරුවන් බ්ලොග් අවකාශය තුලද සිටී එසේ නොසිටීනම් එය සමාජයක් නොවේ. සාමාන්‍ය සමාජයේ මෙන්ම ඔවුන් එන්නේද හොඳ මූණ දමාගෙනය. බහුතරයක් බ්ලොග් වල සිටින්නේද ශාන්ත දාන්ත චරිතය. ඔවුන් හතුරෙකුටවත් වරදක් නොකරයි. සිතිනුත් පව් කරන්නේ නැත. මේ ආදී නොයෙක් ලෙස වෙස්මූණු දමාගත් බ්ලොග්කරුවන් සිටිති. එහෙයින් බ්ලොග් අවකාශයද අප සාමාන්‍යෙයන් ජීවත් වන සමාජයේ පැතිකඩක් ලෙස මට පෙන්වාදිය හැක.
මෙම බ්ලොග් දෙක පැමිණීමත් සමග එම වෙස්මූණු ගැලවීම ඇරඹේ. මෙම බ්ලොග් අඩවි දෙකේ ප්‍රසිද්ධ විවේචන හැරුණුකොට මට පෙනෙන ඉතා වැදගත් ලක්ෂණය එයය. මේ වෙස්මූණු ගැලවීමට සියළු දෙනා පොත්තෙක් අකමැති වුවත් මදයෙන් ලොකු ආතල් එකක් ගනී. එම බ්ලොග් අඩවි දෙකට අනෙක්වාට සාපේක්ෂ ඉතා විශාල හිට්ස් ප්‍රමාණයක් හා කමෙන්ටු ප්‍රමාණයක් ලැබෙන්නේ ඒ හේතුව මතිනි. සියළු දෙනා මොවුන් දෙදෙනා පොතු හරී. අදහස් තුලින් ඔවුන්ව එල්ලා මැරීමට සූදානම්ය. නමුත් එම බ්ලොග් අඩවි නොබලන කෙනෙක් නැත. හිතට අවංකව මෙය විවේචනය කරන්නෙක් නම් විරුද්ධ යමෙක් නම් ඔබ එම බ්ලොග් එක එක වරකට වඩා බලා නැති විය යුතුය. සිතා බලන්න ඔබ අවම වශයෙන් දෙවරක් වත් එම බ්ලොග් අඩවියට ගොස් ඇත.
ඇනෝනිමස් හෝ ලකෆ්‍රෑන්ස් වර්ජනය කිරීමට ක්‍රම දෙකකි.

- ඔබ ප්‍රසිද්ධ පුද්ගලයෙකු නම් ඔබ පෙනී සිටින මතවාදයට එරෙහිව ඔබට අදහස් ප්‍රකාශ කිරීම සඳහා අඥාතභාවය යොදාගත හැක. එවිට ඔබගේ ප්‍රතිරූපයට හානි නොවී ඔබට අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව ලැබේ. තවද ඔබට එම මතය ප්‍රකාශ කිරීමෙන් පෞද්ගලික ජීවිතයට යම් තර්ජනයක් එල්ල වේ නම් එවිටද ඔබට අඥාතභාවය යොදාගත හැක.
- බොහොමයක් රටවල රහස් පරීක්ෂකයින්, නීතිඥයින්, වෛද්‍යවරුන් හමුවීම පවා අඥාතභාවයකින් යුක්තව සිදුවන අතර ක්‍රිස්තානියේ පව් සමාකිරීම සිදුවන්නේද පූර්ණ අඥාතභාවකින්ය.
අඥාතභාවය යනු කළු හෝ සුදු දෙයක් නොවේ. එය හොඳ පැති මෙන්ම නරක පැතිද පවතී. මම පහතින් මට හැඟෙන එවන් දෑ කිහිපයක් පෙන්වා දෙමි.
- පුද්ගලයෙක් යම් දේකට බැඳීමක් පවතින විට එමගින් ඔහුට සිදුවන ප්‍රතික්‍රියාවන්ගෙන් මිදී අදහස් ප්‍රකාශ කිරීමට ඔහුට අඥාතභාවය භාවිතා කල හැක.
- ප්‍රජාතාන්ත්‍රවාදී නොවන රටක ඔබට රාජ්‍ය විරෝධී අදහසක් ප්‍රකාශ කිරීමට අවශ්‍යනම් ඔබ අනිවර්යයෙන් අඥාතභාවය හෝ ආරඪත්වය භාවිතා කල හැක.
- ඔබට ඔබගේ පෞද්ගලික දේවල් (ලිංගික ප්‍රශ්න ආදී) ප්‍රසිද්ධ වේදිකාවක සාකච්ඡා කිරීමට අවශ්‍ය නම් අඥාතභාවය හෝ ආරූඪත්වය භාවිතා කල හැක.
- මට සිතෙනා අන්දමට අඥාතභාවය හෝ ආරූඪත්වය භාවතකරන වේදිකාවක හැමදෙනාම එක හා සමාන වේ. එවිට ඔවුන්ගේ අදහස් වලට ස්ත්‍රී පුරුෂ භේදයක්, සංස්කෘතික බන්ධන අදාල නොවන අතර හොඳ කතිකාවතක් ගොඩනැගීමේ හැකියාවක් පවතී.
- අඥාතභාවය හෝ ආරූඪත්වය පර්යේෂණ සඳහා භාවිතා කල හැකි වන අතර විවිධ චරිත ගොඩනගා ගනිමින් සමාජීය පර්යේෂණ සිදුකල හැක.
අඥාතභාවය හෝ ආරූඪත්වය අයුතු ලෙස භාවිත කිරීමේ අවස්ථාද විරල නොවේ.
- මූලික අපරාධ සිදුකිරීම හෝ එයට අනුබල දීම උදෙසා අඥාතභාවය හෝ ආරූඪත්වය යොදාගත හැක. එසේ එය යොදාගත් අවස්ථාද බහුලව ඇත.
- පුද්ගල චරිතවලට අපහාස කිරීම උදෙසාද අඥාතභාවය හෝ ආරූඪත්වය යොදාගත හැකිවන අතර එසේ සිදුවන අවස්ථාද විරල නොවේ.
මෙය නම් ඉතාමත් සාපේක්ෂ ප්‍රශ්නයක් වන අතර පිලිතුරුද ඉතා සාපේක්ෂ වේ. මම මෙහි ඉදිරිපත් කරනුගේ මගේ අදහසය.
- ඔබ බ්ලොග් සටහන් වල පිලිතුරු ලෙස ඔබ හොඳ පමණක් බලාපොරොත්තු වන්නේ නම් ඔබ කවදාවත් අඥාතභාවයට හෝ ආරූඪත්වයට ඉඩ නොදී සිටී.
- තවද ඔබ සංස්කෘතික රාමුවක සිටීනම් සරලවම කුණුහබ්බ කියනවාට අකමැති නම් ඔබ අඥාතභාවය හෝ ආරූඪත්වය ප්‍රතික්ෂේප කරයි.
- එසේත් නැතිනම් ඔබ කවුද යන්න පෙන්වාදීමට අකමැතිනම් ඔබ අඥාතභාවය හෝ ආරූඪත්වය ප්‍රතික්ෂේප කරයි.
- තවද ඔබ දාගෙන ඉන්නේ වෙස්මූණක් සහ ඒ වෙස් මූණ ගැලවෙනවාට ඔබ අකමැති නම් ඔබ අඥාතභාවය හෝ ආරූඪත්වය ප්‍රතික්ෂේප කරයි.
වර්තමානයේ සිංහල බ්ලොග්කරුවන් අතර ආරූඪ නම් යොදාගෙන බ්ලොග් ලියන්නන් 95% කටත් වඩා දැකිය හැකි අතර ඔවුන් එසේ භාවිත කිරීමට ඔවුන්ගේ හේතු ඇත. කෙසේ වෙතත් දැනට ඔවුන්ගෙනුත් 80 කටත් වඩා පිරිසකගේ පෞද්ගලික තොරතුරු ප්‍රසිද්ධියට පත්වී ඇති අතර ඒවා පෞද්ගලික සම්බන්ධතා බවට පත්වූ අවස්ථාද ඇත. ඒ අනුව පසුකාලීනව මාක් ට්වේන් එලි දැක්වුනා මෙන්ම එම අඥාත නම්ද එලි දැක්වුනි. ඒවා ඒ බ්ලොග් කරුවන්ගේ කැමැත්තට වූ දේවල්ය.
මේ ලියවිල්ලට ප්‍රස්තුත වූයේ පසු ගිය වකවානුවේ හා වර්තමානයේ බ්ලොග් අවකාශය තුල පවතින ඇනෝනිමස් ආතල් හා ලකෆ්‍රෑන්ස් නම් බ්ලොග් අඩවි දෙක ගැන කතිකාවතට මගේ අදහස එකතු කිරීමය. ඇනෝනිමස් ආතල් බ්ලොග් සටහන ආරම්භ වන්නේ බ්ලොග් ත්‍රස්තවාදී යන නම ඔස්සේය. ත්‍රස්තවාදීන්ට සදාචාරයක් නොමැත. එසේ නම් ඇනෝනිමස් ආතල් බ්ලොග් අඩවිය පිලිඹඳව සදාචාරයක් කතා කිරීම පලක් නැත. හැමෝම එම බ්ලොග් අඩවියට බනී. හැබැයි හැමෝම එය දෛනිකව බලයි. සමහරුන් අද තමාට ඇනෝනිමස් නෙලයි හෝ ඇනෝනිමස්ට කියා නෙලවා ගැනීමටද උත්සාහ කරනුද මම ඒ ගැන විපරම් කරන විට දැනගන්නට ලැබී ඇත. පසු කාලීනව ඇනෝනිමස් නිහඬ වූ අතර වර්තමානයේ ලකෆ්‍රෑන්ස් පුරවනුයේ ඒ හිඩැසයි. එය ඇනෝනිමස් ආතල් අඩවියට වඩා වෙනස් වුනොත් වෙනස් වන්නේ ලිවීම් ශෛලය හා වචන හැසීරවීමෙන් පමණක් වන අතර දෙකම සිදුකරනුයේ එකම කෘත්‍යයකි.
බ්ලොග් ලෝකය යනු තවත් මිනිස් සමාජයක පැතිකඩකි. අප සාමාන්‍ය ගැවසෙන භෞතික සමාජයේ සිටින අණ්ඩපාලයන්, බඩුකාරයින්, බඩු, කොළුකාරයින්, පොළුකාරයින්, තැරැව්කරුවන් බ්ලොග් අවකාශය තුලද සිටී එසේ නොසිටීනම් එය සමාජයක් නොවේ. සාමාන්‍ය සමාජයේ මෙන්ම ඔවුන් එන්නේද හොඳ මූණ දමාගෙනය. බහුතරයක් බ්ලොග් වල සිටින්නේද ශාන්ත දාන්ත චරිතය. ඔවුන් හතුරෙකුටවත් වරදක් නොකරයි. සිතිනුත් පව් කරන්නේ නැත. මේ ආදී නොයෙක් ලෙස වෙස්මූණු දමාගත් බ්ලොග්කරුවන් සිටිති. එහෙයින් බ්ලොග් අවකාශයද අප සාමාන්‍යෙයන් ජීවත් වන සමාජයේ පැතිකඩක් ලෙස මට පෙන්වාදිය හැක.
මෙම බ්ලොග් දෙක පැමිණීමත් සමග එම වෙස්මූණු ගැලවීම ඇරඹේ. මෙම බ්ලොග් අඩවි දෙකේ ප්‍රසිද්ධ විවේචන හැරුණුකොට මට පෙනෙන ඉතා වැදගත් ලක්ෂණය එයය. මේ වෙස්මූණු ගැලවීමට සියළු දෙනා පොත්තෙක් අකමැති වුවත් මදයෙන් ලොකු ආතල් එකක් ගනී. එම බ්ලොග් අඩවි දෙකට අනෙක්වාට සාපේක්ෂ ඉතා විශාල හිට්ස් ප්‍රමාණයක් හා කමෙන්ටු ප්‍රමාණයක් ලැබෙන්නේ ඒ හේතුව මතිනි. සියළු දෙනා මොවුන් දෙදෙනා පොතු හරී. අදහස් තුලින් ඔවුන්ව එල්ලා මැරීමට සූදානම්ය. නමුත් එම බ්ලොග් අඩවි නොබලන කෙනෙක් නැත. හිතට අවංකව මෙය විවේචනය කරන්නෙක් නම් විරුද්ධ යමෙක් නම් ඔබ එම බ්ලොග් එක එක වරකට වඩා බලා නැති විය යුතුය. සිතා බලන්න ඔබ අවම වශයෙන් දෙවරක් වත් එම බ්ලොග් අඩවියට ගොස් ඇත.
ඇනෝනිමස් හෝ ලකෆ්‍රෑන්ස් වර්ජනය කිරීමට ක්‍රම දෙකකි.
- එකක් ඔබගේ වෙස්මූන ගලවා සැබෑ මුහුණ පේන්නට දෙන්න.
- නැතිනම් කවදාවත් සැබෑ මුහුණ පෙන්නට නොදෙන්න.
- එසේත් නැතිනම් ඔබත් ඔබගේ වෙස් මුහුණ සැබෑ මුහුණයැයි විශ්වාස කරන්න. (ගොබෙල්ස් න්‍යාය)
- නැත්නම් අවංකවම ඔබ එම බ්ලොග් නොබලා ඉන්න. ඔවුනට හිට්ස් දීමෙන් වලකින්න.
ඔබ ජයග්‍රාහකයෙකු වනු ඇත.. .
Nov 5, 2012
කර්ම කරුමයක් නොවේ..
Posted by ආගන්තුකයා | Stranger on 10:14 AM. ඉලෙක්ට්‍රා සංකීර්ණය,කර්ම,තරන්තිනෝ,නදීක ගුරුගේ,ප්‍රසන්න ජයකොඩි - 5 comments
සිනමාහල මහරගම නැෂනල්ය. චිත්‍රපටයක් බැලීමට තරම් සුදුසු තත්වයේ සිනමාහලක් නොවූවත් යාම් ඊම් පහසුකම නිසා කර්ම බැලීමට නැෂනල් තෝරාගත්තේ ලියුම්කරු සහ තවත් මිතුරෙකි.
කර්ම යනු අපි බොහෝ චිත්‍රපටවල දැක ඇති තේමාවකට අනුකූලව නිර්මානය වූවකි. කෙටියෙන්ම කිවහොත් කර්ම අපි කලින් බලා ඇති චිත්‍රපටි දෙක තුනක එකතුවකි. නමුත් ප්‍රසන්න ජයකොඩි කර්ම තුලින් ගෙන එන සාධකය හෙවත් මෙව්වා එක එතරම් හොඳ තත්වයෙන් එලියට දැමිය හැක්කේ ප්‍රසන්න හැරුණුකොට තව කිහිපදෙනෙකුට පමණී.
චිත්‍රපටිය ආරම්භ වන්නේ අන්ත දෙකකිනි. එය පියල්ගේ අන්තය සහ අමන්දාගේ අන්තය ලෙස වෙන්කරගත හැක. කර්ම කතාව තුල විවේකය දක්වා "තරන්තිනෝ ලක්ෂණය" ප්‍රකට වේ. නමුත් අන්ත දෙක විවේකයේදී එකතු වේ. පියල්ට අමාගෙන් ලැබෙන්නේ පියල්ට නොලැබෙන කාමයයි. එය අමන්දාගේ ගීත ගායනයකට සවන්දීමෙන් අමා නානවිට අමාගේ නානකාමරය තුලින් එන ජලයට කකුල තැබීමෙන් සංසිදවන්නේ නැත. පියල් අමාගේ කාමරයට එබී බෙල්ල කඩාගන්නේ ඒ නිසාය.
අමාගේ අන්තයේ පියල් තවත් එක් පොඩි එකෙක් පමණකි. අමා හුදකලා යුවතියකි නදීගෙන් කාමයට වඩා යමක් ලැබෙන්නේ නැත. අමා ඒ රැකවරණය සොයන්නේද නැත. නමුත් පියල් එන්නේ මොකාටද කියා අමා දනී. අමාගේ පාර්ශවයෙන් පියල් යනු පොඩි එකෙකි. එය මානුෂීයය. අමා පියල් සමග සංවාසයේ යෙදෙන්නේද එම මානුෂික සම්බන්ධතාවය නිසා විය යුතුය. අමාගේ අන්තයෙන් බැලූ කල අමා පියල් සම්බන්ධතාවය තරමක් සංකීර්ණය.
පියල්ට සිය මව මගහැරේ. අවුරුදු 25 තරුණයෙක් පියා සමග පවතින අරගලය පියල්ටත් පවතී. එය සිය මවගේ මරණය ගැන වරද පියල් විසින් පියාගේ පිට පැටවීම මත දෙදෙනාගේ ඇතිවන මත ගැටුමක් ලෙස ප්‍රසන්න පෙන්වා දේ. කෙසේ වෙතත් පියල්ගේ සිය මවගේ මරණය පිලිඹඳ වරදකාරී හැඟීමක් පවතී. එය අවසානයේ අමන්දාගෙන් සමනය කරගැනීමට පියල් විසින් උත්සාහ කරයි.
කර්ම තුල ලියුම්කරු ආසා කරණ විශේෂ ලක්ෂණ කිහිපයකි. අමාගේ චරිතයේ විහිදීම ඉන් ප්‍රධාන වේ. අමා කොලඹ ඉංග්‍රිසි කතා කරන පරපුර නියෝජනය කරයි. අමා ස්වාධීනය. නදී අමා හැරගිය විටත් අමා විසින් පියල්ට දුක ප්‍රකාශ නොකරන්නා සේම පියල් අමා සම්බන්ධතාවය "ඉලෙක්ට්‍රා" සම්බන්ධතාවයකි. පියල් තුල අමා කෙරෙහි පවතින මුල් හැඟීම අනිකක් වුවත් අමා තුල පවතින හැඟීම මුල සිටම "මාතෘ" රූපීය.
සිද්ධි ගැලපීම දෙවනුවට ගත හැක. අමාගේ ගබ්සාව සිදුවීමට පෙර සල්ලිවලට ගාළු කොටුවෙන් මුහුදට පනින කොලු ගැටයන් සමග බැඳෙන අවිනිශ්චිතතාවය අමාගේ සැඟවී සිට අවසාන ජවනිකාවෙන් එලියට පනින රෝගය සහ මුල් අර්ධයේ ප්‍රකට වන තරන්තිනෝ ලක්ෂණය ඒ යටතට දැමිය හැකිය.
අවසානයේ නදීගේ චරිතයයි. නදීගේ චරිතයට නදීක ගුරුගේ තෝරාගත්තේ ඇයිද යන්න ලියුම්කරුට තාම ගැටළුවකි. කෙසේ වෙතත්. නදීගේ චරිතයට නදීක ගුරුගේ විසින් කෘතිමත්වයක් ආරූඪ කරයි. එය අධ්‍යක්ෂකගේ වරදක් හෝ අමාට හා පියල්ට නදීව යටවීම නිසා සිදුවන්නක් විය හැක. කෙසේ වෙතත් ඒ චරිතය නදීකගෙන් නියම ආකාරයට එලියට එන්නේ නැත.
කෙසේ වෙතත් කර්ම නැරඹිය යුතු චිත්‍රපටි ගණයට මම ඇතුලත් කරමි. සිරා කියලා කට ඇර කිව නොහැකි වුවත් කර්ම හොඳ චිත්‍රපටියකි. මේ ලිපිය හුදෙක්ම එය නැරඹීමට කරන අනුබලයකි.

Jul 24, 2012
ඔච්චරයි..
Posted by ආගන්තුකයා | Stranger on 9:34 AM. ඔවදන්,ණය,බිලොග්,මිතුරා - 3 comments
මේක ගැන වැඩිය ලියන්න දෙයක් නෑ.
ලියන්න තියෙන්නේ මෙච්චරයි.
බ්ලොග් අස්සේ හොඳම යාළුවෝවත් කාගෙවත් බිස්නස් පාට්නර්ලාවත් නෑ..
කාගෙවත් රෙකමදාරුත් තියෙන්න විදිහක් නෑ.
ඒ වගේ කතා වලට අහුවෙලා.
අමාරුවේ වැටිලා.
අඬනකොට කඳුලු පිහිදානවා ඇරෙන්න.
වයර් වල සීමාව ඇතුලේ කරන්න පුළුවන් දෙයක් නෑ.
ඒක නිසා මතක තියාගන්න.
සයිබර් මිතුරන්ට ණයට දීමෙන් මුදලත් මිතුරාත්
දෙකම නැතිවීමට ඉඩ තිබේ..
Apr 20, 2012
සුනාමි අනතුරු හැගවීමෙන් අත්දකින ලද දෙයින් උපන් ලියවීමකි
Posted by LishWish on 5:50 PM. අදහස්,අවුරුදු උත්සවය,කාලීන,කුහුඹු මිනිසා,බිය,සුනාමි - 1 comment
සහෘදය,
ආදරයෙන්,
කුරා කුහුඹු මිනිසා.
2012.04.12
22.05 පැය
අනපේක්ෂිත මොහොතක ස්වභාව ධර්මය නැවත වතාවක් අපට අපූරු පනිවුඩයක් රැගෙන ආ බවත් එහි බියකරු අත්දැකීමක් ගැබ්ව තිබුනු බවත් අප කාටත් අමතක කල නොහැක. ඉන්දුනීසියාව ආසන්නයේ සිදුවු භු චලනයක් හේතුවෙන් ලංකාවේ වාසය කරන අපවද දෙදරාගිය(වාසස්ථාන පිටින්ම සෙලවුනු) සිදුවීම තනි තනි ලෝකවල් නිර්මාණය කරගන්නට ආත්මාර්ථකාමී සිහින දකිමින් සිටින කාටත් ලෝකය තනි යායක්ය යන කියමන ඇත්තක් බව නැවතත්, නැවත නැවතත් තහවුරු කරගන්නට අවශ්‍යනම් හොද අවස්ථාවකි. මහද්වීප තටාක ගැන නොදන්නා බහුතර සමාජ සත්වයින් පරචස් 10 යේ ඉඩම්කැබලි වල තමන්ගේ රාජධානිය නිර්මාණය කරන්නට උත්සහ දරන්නේ කුණුගොඩවල් දහයක් පහලවක් උනත් පසුකර ගමන්කරන්න සිදුවුවද ඒ ගැන හෝ තමන් අවට පරිසරය ගැන හෝ වගේ වගක් නැතිවය. මේ නිසා සුනාමිය යනු මිනිස් සමාජයට තමතමන් ගැන සිතා බලන්නට තමන්ගේ පටු ලෝකවල් පිලිබදව ලැජ්ජාවීමට මෙන්ම පොදු සමාජයට පිටින් තම ජීවිතය පිලිබද පමනක් සිතන ආකල්ප වල ඇති නිස්සාරභාවය පිලිබදව අපූරු පාඩමක් කියාදෙන්නට ස්වභාවධර්මය ගත් උත්සහයක් බව අපට මගහැරයා නොහැකි ඇත්තකි. එහෙත් මේ ඇත්ත තේරුම් ගැනීමට හැකි තරම් පලල් මනසක් හිමිව තිබෙන්නේ කීයෙන් කී දෙනාටද? එයිනුත් තම මනසට මේ කාරණය ඇතුල්කරගන්නේ කීයෙන් කී දෙනාද? මේ මානසික දුප්පත් කමෙන් මිදෙන තාක් කල් සුනාමි එකක් නොව දහයක් ආවත් සමාජය මේ පාඩම නියම බරෙන් කියවා ගන්නේ නැත.
පසුගිය බදාදා(11) දින සවස 2.30 ට පමණ අප සිටි නිවාසය දෙදරන්නට වූ අතර පසුව කල සොයාබැලීමේදී අප නිවස අවට පරිසරය පමණක් නොව ලාංකේය භූමියේ සැලකිවයුතු ප්‍රමාණයකට මෙම දෙදරීම බලපාන්නට වූ බව දැනගන්නට ලැබුනි. මෙම දෙදරීමෙන් පසු වැඩිවේලා යන්නට මත්තෙන් සුනාමි අවධානම පිලිබද පුවත් සැලවෙන්නට වූ අතර ඉන් අනතුරුව මුහුද ආශ්‍රිත ජන ජීවිතය මෙන්ම සියලු රට වැසියන් සුනාමියක් පිලිබද තිගැස්මකින් යුතු ව යුහුසුලුව ක්‍රියාත්මක වන්නට විය.
ඒ ඒ පුද්ගලයා සතු ආර්ථික පදනම මත සුනාමියට මුහුණදීමට එකිනෙකා ක්‍රියාකලේ විවිධ තලයන් මත හිඳයි. එනම් සුනාමියට බියෙන් රටතුලට පලායන්නට යුහුසුලුවූ මිනිසුන් අතර ඇතැමෙක් තම සුඛෝපභෝගී වාහන ඒ සදහා උපයෝගී කොට ගත් අතර ඇතැමෙක් ත්‍රීවීල් රථවල නැගී ජිවිතය අපේක්ෂාවෙන් රට තුලට ඉගිලී ගියේය. තවත් සමහරෙක් මෝටර්සයිකල් මත නැගී තවත් සමහරෙක් පාපැදි මත නැගී එම අරමුණ පෙරදැරිව මුහුද දෙසින් පලායන්නට විය. මේ කිසිදු ප්‍රවාහන පහසුකමක් නැතිව අසරන වූ මිනිසුන් තම දෙපයින් ඇවිද ජීවිතය අපේක්ෂාවෙන් මහපොලොව තරණය කරන්නට විය.
මේ අතරතුර මහාමාර්ගයේ වාහන තදබදය වැඩිවන්නට විය. නැවත දැනුම්දෙන තුරු අධිවේගි මාර්ගය සියලු වාහනවලට අයකිරිමකින් තොරව විවෘතව පවතින බව විද්‍යුත් මාධ්‍ය හරහා රජය දැනුම්දෙන ලදි.ඉන්ධන පිරවුම් හල් අසල දිග වාහන පෝලිම් දක්නට ලැබුනි. ක්ෂණිකයෙන් විදුලිය විසන්ධිකරන්නට වූ අතර ඉන්ධන පිරවුම් හල් අසල වූ සියලු වාහන අපේක්ෂාභංගත්වයෙන් ඉදිරියට ඇදෙන්නට විය. අලුත් අවුරුද්දට විවිධ දේ මිලදී ගැනීම සදහා නගරයට පැමිණ සිටි මිනිසුන් ගැහැණුන් දරුවන් සමගින් බස්රථ පැමිණෙනු ඇතැයි මද වෙලාවක් බස් නැවතුම් පොලවල රැදී සිට අනතුරුව පයින්ම ගමන් අරඹන්නට විය.(මේ සියලු ක්‍රියාවන් මේ අයුරින් සිදුවන්නට අවැසි සමාජ ආර්ථික දේශපාලනික වටපිටාව නිර්මාණය කරන ලද්දේ (සුනාමිය හැර) වැඩවසම් මෙන්ම ධනවාදය මිශ්‍රවු පාලක යාන්ත්‍රයක අතීත හා වර්ථමාන ක්‍රියාදාමයට අනුව යන්න සදහන් නොකලහොත් එය මේ සටහනට කරන අවමානයකි.)
සිදුවීම් මේ ලෙස ගලන්නට වූයේ සියලු මිනිසුන්ට මුහුදට පිටුපා රටතුලට යන්නට අන්තීම නිවේදනයද නිකුත් වූ පසුවයි. දැන් කවුරු කවුරුත් තම හැකි පමණින් මුහුදු සිමාව හැරගොස්ය. ඉතිරිව ඇත්තේ ඉතා සිමිත පිරිසක් පමණි. ඔවුන්ද යුහුසුලුව ගමන්කරමින් සිටී. ඒ මුහුද ට පිටුපා රට තුලටය. එහෙත් මේ මොහොතේ තවත් විශ්මිත සිදුවීමක් සිදුවෙමින් පැවතුනි. ඒ මුහුද මතයි. ජීවිතයට ආදරය කරන සෑම සියලු දෙනාම මුහුදට පිටුපා ගමන් කරමින් සිටින විට මුහුද මත තම ජීවිත අවධානමක රදවා බහුදින ධීවර යාත්‍රාවල මෙන්ම එක්දින ධිවර යාත්‍රා වල නැග ගැඹුරු මුහුදට යාත්‍රාකරන මිනිසුන් දකින්නට ලැබීම ඇත්තෙන්ම ඇගකිලිපොලායන දසුනක් විය. එහෙත් ඒ දසුන මා දෑස් ඉදිරිපිට සජීවීවම මැවෙන්නට විය. නිර්භීත මිනිසුන් තම ජීවිත පරදුවට තබා තමන් හම්බකරන් කන ධීවර යාත්‍රා බේරාගැනීමේ අරමුනෙන් එම යාත්‍රා දියඹට පදවන ලදි.
ඉර රත්වී ගිනි බෝලයක් ලෙස බැසයන්නට සැරසෙන ඒ නිමේෂයේ අපේ නෙත් යොමුවුනේ ඒ නිර්භීත ක්‍රියාදාමය දෙසටයි. ඉර ක්‍රමක්‍රමයෙන් බැසයන තුරුත් අපේ නෙත් සොරාගත් ඒ දසුන හැකි පමණින් සොරාගන්නට මා වෑයම් කලෙමි. එමෙන්ම එම දසුන ඔබේ නෙතට දායාද කරන්නට මා උත්සුක වෙමි. මිනිසුන් මරණයට බිය බව බොහෝ දෙනා කියනා විට එම අදහසට පිටුපා තම ජීවිතයෙන් අභියෝග කල මිනිසුන්ගේ සජීවී භාවිතය මම ඔබ හමුවේ තබමි. එමෙන්ම මේ මිනිසුන් තම ජීවන කාලය තුල වඩා යහපත් සමාජයක් වෙනුවෙන් මේ පවතින විශම ක්‍රමයට පෙරලා දමන්නට මේ අයුරින්ම එක් පියවරක් තබන්නට තරම් පොහොසත් මනසකින් ක්‍රියාකරන්නට වූ යේ නම් මේ සමාජක්‍රමය පොඩිපට්ටම් කර වඩා යහපත් සමාජයක් නිර්මාණය කිරීම එතරම් අපහසු කටයුත්තක් නොවන බව මා හොදින් දනිමි. ඒ කාර්යය අප සතු වගකීමක් බව අවසාන වශයෙන් සටහන් තබමි.

සමාජීයජාල එකතුවට